ත්‍රිකුණාමල දිසාපති යකා නටයි



අමිල ගුණරත්න 


විශ්‍රාමලත් හමුදා ජෙනරාල්වරු මහජන පරිපාලන සේවා වලට පත් කිරීම දැන් විලාසිතාවක් බවට පත් වෙමින් තිබේ. අතීතයේ මේ සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් යොදා ගැනීමේ ක්‍රමයක් තිබුණි. එහෙත් මිලිටරිකරණයේ ප්‍රතිපල ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් කපා දමා විශ්‍රාමලත් හමුදා ජෙනරාල්වරු දැන් මහජන පරිපාලනයට එති. මෙහි අයහපත් පැති රාශියක් තිබෙන බව ජේෂ්ඨ පරිපාලන නිලධාරියෙක් අපට පෙන්වා දුන්නේය. බොහෝ විශ්‍රාමලත් හමුදා ජෙනරාල්වරුන් ගේ පාසල් අධ්‍යාපන මට්ටම අ. පො .ස සාමාන්‍ය පෙළ මට්ටමේය. ඔවුන් යටතේ වැඩ කරන සිවිල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් උපාධිධාරීන්ය. මේ නිසා අධ්‍යාපනික වශයෙන් විශාල පරතරයක් තිබේ. මේ හැර විශ්‍රාමලත් හමුදා ජෙනරාල්වරු හමුදාවේ සොල්දුවන් පාලනය කරන්නාක් මෙන් සිවිල් පරිපාලනය රෙජිමේන්තු නියෝග හරහා පාලනය කිරීමට යාමෙන් බොහෝ ගැටළු පැන නැගී ඇත. මෙයට හොඳම උදාහරණය ත්‍රිකුණාමලයේ දිසාපති කාර්යාලයයි. ත්‍රිකුණාමලයේ දිසාපති ලෙසට විශ්‍රාමලත් හමුදා ජෙනරාල්වරයෙකු වූ TTR ද සිල්වා මහතා පත් කරනු ලැබීය. ඔහුගේ සමකාලීන හමුදා නිලධාරීන් පවසන පරිදි ජෙනරාල් TTR ද සිල්වා හමුදා සේවයේ සිටියදී අකාර්යක්ෂමතාව වසා ගැනීමට පන්සල්වලට හේත්තුවීම , හමුදාපතිවරුන්ගේ ලග්න පලාපල බැලීම , අපල වලට ශාන්තිකර්ම කිරීම වැනි ලාමක කටයුතු කල නිලධාරියෙකි. එසේම පුනරීන් ප්‍රහාරයේදී ඇඳක් යට සැඟව සිටියදී 9 වන ගජබා ඒකකයේ සොල්දුවන් පිරිසක් විසින් ඔහුව බේරා ගන්නා ලදී. එහෙත් පසුව අතිශයෝක්තියෙන් යුතු අසත්‍ය වාර්තා හමුදා මූලස්ථානයට සපයා රණවිරු පදක්කම් පවා ලබා ගැනීමට මෙම නිලධාරියා සමත් විය. ජෙනරාල් TTR ද සිල්වා හමුදාවේ Director Psy Ops සිටියදී හමුදා නිලධාරීන්ට උපදේශනය පුහුණුව ලබා දීමට උපදේශනය සඳහා ව්‍යාජ සුදුසුකම් ඇති D S රණවක නමැති පුද්ගලයා නිර්දේශ කොට යුද හමුදාවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වංචා කරගෙන ඇති බව නම හෙළි කිරීමට අකමැති රණවිරු සෙවනේ සේවය කරන නිලධාරියෙක් අප හා පැවසීය. ජෙනරාල් TTR ද සිල්වා හමුදාවෙන් විශ්‍රාම යාමට ආසන්නව තිබියදී සේවා දිගුවක් ලබා ගැනීමට අනුරාධපුර හමුදා කඳවුරක තොවිලයක් කල අතර එය දිවයින පුවත් පත විසින් හෙළිදරව් කිරීම නිසා සේවා දිගුවකින් තොරව ඔහුට හමුදාවෙන් විශ්‍රාම යන්නට සිදු විය. විශ්‍රාම යාමෙන් පසු ඔහු ත්‍රිකුණාමලයේ දිසාපති ලෙසට පත් කරනු ලැබීය. පරිපාලනය පිළිබඳව දැනුමකින් තොරව ඔහු කරන වැඩ නිසා බොහෝ අවුල් ඇතිවී ඇති බව ත්‍රිකුණාමලයේ දිසාපති කාර්යාලයේ නිලධාරියෙකු පෙන්වා දෙන ලදී. හමුදාවේ කරන්නාක් මෙන් නියෝග දීම හැර කාර්යක්ෂමව වැඩ කිරීමට දිසාපතිවරයා අදක්ෂ බවත් මේ නිසා පරිපාලනය සම්බන්ධ බොහෝ ගැටළු පැන නැගී ඇත. මේ හැර දිසාපති නිල නිල නිවාසයට රාත්‍රී කාලයට තරුණ සොල්දුවන් ගෙන්වා ගැනීමද කාර්යමණ්ඩලයේ සැකයට හේතුව තිබේ.

Tell a Friend