වොඩ්කා සාදය සහ 17 ගිහි පිරිත

හර්ෂි සි. පෙරේරා
මේ දෙක එකිනෙකට පරස්පර විරෝදියි. නමුත් පැවැත්වූ සහ පවත්වන ස්ථානය එකමයි. අද ප්‍රසිද්ද පුවත්පතක මුල්පිටේ මේ පුවත් වාර්තා කෙරුණා. මේ අපුර්වත්වය වැලිකඩ සිරගෙදර තමයි තියෙන්නේ.

අවුරුදු වොඩ්කා සාදයට රුපියල් ලක්ෂ පහක්ම වියදම් කරලා තියෙන්නේ ප්‍රකට පාතාල සැකකරුවන් දෙදෙනෙක්. 17 වෙනිදා වෙසක් පුර පසළොස්වක පෝය දිනය. එදාට තමයි ගිහි පිරිත. අපේ පුංචි රටේ පුංචි සමාජය දිහා බැලුවම ඇත්තටම පෝයට පන්සල් ගිහිල්ලා පිරිත් අහල බන අහල සිල් ගන්න උදවිය දිහා බලන්න. හොදට බලන්න. බහුතරය දිහා බලන්න.

දැන් ඇතැම් අයට යුද අපරාද පිළිබද චෝදනාත් එල්ල වෙලා. මේ රටේ පොලිසි වල උදේ හවා පන්සිල් ගනිමින් සාමාන්‍ය ජනතාව වදයට ලක්කරනවා. ගිහි පිරිත් කියන්න ලෑස්ති වන බන්දනාගාරය තුල වදහිංසාව තියෙනවා. රැදවියන්ට මුලික සනීපාරක්ෂක පහසුකම් නැහැ. අල්ලස දුෂණය සහ වංචාව යන බරපතල චෝදනා ඉහල නිලදාරින්ට එල්ල වෙනවා. මේවා මාද්දය කොතෙක් හෙළිදරවු කලත් සියල්ල බිරි අලින්ට විනා වැයීම හා සමානයි.

දුෂිත නීතිවිරෝදී වොඩ්කා සාදයෙන් පසු මේ ලක ලෑස්ති වන ගිහි පිරිත..... කුහකත්වයද? මතක තබා ගතයුතු වැදගත්ම දෙය මේ කුහකත්වය මේ රටේ ප්‍රථම පුරවැසියාගෙන් පවා පැහැදිලිව පිලිබිබු වන බවයි.

Tell a Friend