කාබුල් ගුවන්තොටුපලේ දෙස් විදෙස් හමුදා ගට්ටනයක්.

ඇෆ්ගන් ගුවන් නියමුවකු සහ විදේශ හමුදා අතර කාබුල් ගුවන්තොටුපලේ සිදුවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් කිහිප දෙනෙක් මරමුවට පත්වී කිහිප දෙනෙක් තුවාල ලබා ඇත.
නේටෝ ප්‍රකාශකයෙකු මෙම වෙඩි තැබීම සහ තුවාලකරුවන් සිටින බව ස්ථිර කරන ලදී. තලේබාන් වරු සිද්දිය පිළිබද වගකීම බාර ගෙන ඇත. නමුත් සිද්දියට කැරලිකරුවන්ගේ සම්බන්දයක් ඇති බව බලදාරින් තහවුරු කර නැත.

නිරතුරුව හමුදාවට සිදු කරන අලුත් බදවාගැනීම් නිසා තලිබාන්වරු පොලිසියට සහ හමුදාවට සම්බන්ද විද යන්න පිළිබද බියක් පවතින බව වාර්තාකරුවන් ප්‍රකාශ කරති.

නමුත් මෑතකදී ඇෆ්ගන් ආරක්ෂක නිලදාරීන් විදේශ හමුදාවන්ට එරෙහිව එල්ල කල ප්‍රහාරයන් ගණනාවක් වාර්තා විය. එයින් වඩාත් මාරාන්තික වුයේ ඇෆ්ගන් දේශසීමා පොලිස් නිලදාරියකු සිදුකල වෙඩි තැබීමෙන් ඇමෙරිකානු සොල්දාදුවන් සයදෙනෙකු ගිය නොවැම්බරයේ මරමුවට පත්වීමය. තවද අප්‍රේල් 04 වැනිදා ඇෆ්ගන් දේශසීමා පොලිස් බටයකුගේ වෙඩි තැබීමෙන් නේටෝ සොල්දාදුවන් දෙදෙනෙකු මරමුවට පත් විය.

බි බි සි ඇසුරෙන්
- හර්ෂි - Tell a Friend