කවුද කියන්නේ පැරදී කියලා.... අපි දිනුම් අනේ - රනිල්

සියලූ අභියෝගයන්ට මුහුණ දෙමින් එක්සත් ජාතික පක්ෂය යටතේ පළාත් පාලන මැතිවරණයට තරඟ කරමින් තේරී පත් වූ සියල්ලන්ට මම ස්තූතිය පළ කරන බව විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පැවසීය.ඒ මහතා මේ බව පැවසූයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ විශේෂ මහ සමුළුවේදීය.එහිදී වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව එක්සත් ජාතික පක්ෂය අවුරුද්දක් වැනි කෙටි කාලයක් ඇතුලත දී පළාත් පාලන මැතිවරණයට මුහුණ දී අපේ ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගෙන තිබෙන බව කිව යුතුයි. මේ අනුව අප විජයග්‍රාහී ලෙස සියල්ලන් එකට එක්ව ඉදිරියට යනවා නම් බහුතරය දිනා ගැනීමට අපට හැකියාව තිබෙන බව පැහැදිලියි. ප්‍රථමයෙන්ම කොට්ඨාශ ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පවත්වන බව කියා සිටි ආණ්ඩුව ඊට පසුව ඒ ස්ථාවරය අත හැර සියලූම පලාත් පාලන ආයතන මැතිවරණය එකම මොහොතක පවත්වනවා යැයි කියා සිව් දිනක් ගතවීමටත් ප්‍රථම පළාත් පාලන ආයතන ගණනාවක මැතිවරණ කල් තැබුවා.

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ජනාධිපතිවරයා ජාතික මට්ටමේ රැස්වීම් වලට සහභාගි වන්නේ නැතැයි කියා සිටියත් අවසානයේදී වෙළඳ පොළවල් ගණනේ ගොස් ඡන්ද එකතු කිරීමට ඔහුට සිදු වුණා. ඊට සමගාමීව ඒ ඒ නියාමකයින් යොදවා රට පුරා ගෙන් ගෙට ගොස් වගා කට්ටලයක් දී ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය දෙන්නැයි ජනතාවට බල කර කියා සිටියා. පළාත් පාලන මැතිවරණයක් වෙනුවෙන් රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙළඳ පොළ ගණනේ ගිය කාලයක් මේ රටේ තිබුණාද?

"මේ ජනතා වරම හරියාකාරව සහ නිවැරදිව අර්ථ කථනය කර ගත යුතුයි " යනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියා තිබෙනවා. ජනාධිපතිවරයා මේ නොකියා කියන්නේ පළාත් පාලන මැතිවරණයේදී සිදු කළ යම් යම් දූෂණකාරී සහ වංචාකාරී ක්‍රියා පළාත් සභා මැතිවරණයේදී තව දුරටත් කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙන බවයි. ඒ විග්‍රහය අප මතකයේ තබා ගෙන ක්‍රියා කළ යුතු අතර ක්‍රිකට් ක්‍රීඩාවේ සේම මේ ක්‍රීඩාවේ ද ජයග්‍රහණයත්, පරාජයත් තිබෙන නිසා අප අඩපණ නොවී පරාජයෙන් ජයග්‍රහණය කරා ගමන් කළ යුතුව තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම සමග පැවැති අවසන් පූර්වක ලෝක කුසලාන ක්‍රිකට් තරඟයෙන් ජය ගත් අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මම මේ අවස්ථාවේදී අපේ ස්තූතිය සහ ගෞරවය පුද කරනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අපට මෙසේ සජීවීව නැරඹිමට හැකිව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා රූපවාහිනිය මේ රටට හඳුන්වා දුන් නිසයි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති ක්‍රිකට් තරඟය ඛෙත්තාරාම ක්‍රීඩාංගණය නොහොත් ආර්. ප්‍රේමදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත් වුණත් ඒ ක්‍රීඩාංගණය ඉදි කළේ රණසිංහ ප්‍රේමදාස දිවංගත ජනාධිපතිවරයා බව සිහිපත් කළේ නැහැ. මේ ඛෙත්තරාම ක්‍රීඩාංගණය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එදා ඉදි කරද්දී මහින්ද රාජපක්ෂලා ඊට විරුද්ධව පාර්ලිමේන්තුවේ කෑ ගා කියා සිටියේ එතුමා රටේ මුදල් නාස්ති කරන බවයි.

පාසල් මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නැයි එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මට උපදෙස් දුන් අතර ගාෆීර් සෝබර්ස්ට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි තමා දන්වා ඇතැයි ද ඔහු පැමිණියාම ඔහුගේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග කවරේද කියා සොයා බලා ඒ අනුව ක්‍රියා කරන්නැයි ගාමිණී දිසානායක මට කියා සිටියා. ගාෆීල්ඩ් සෝබර්ස් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඒ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නේ කෙසේ දැයි මම ඔහුගෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේදී ඔහු කියා සිටියේ පාසැල් මට්ටමින් සැහැල්ලූ පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට තරුණයන් යොමු කර ඒ අතරින් දක්ෂයින් ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන බවයි. සැහැල්ලූ පන්දු ක්‍රිකට් සඳහා අවශ්‍ය බෝල, පිති සහ ක්‍රිකට් කඣරු ඇතුලූ ආම්පන්න ලබා දීමට චරිත රත්වත්තේ මහතා එකඟ වූ අතර ඒ අනුව අප පාසැල් මට්ටමේ සැහැල්ලූ පන්දු ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ආරම්භ කළා. ඒ අනුව ඊ. එල්. විජේමාන්න, එරික් සිල්වා සහ සුනිල් ජයවීර යන මහත්වරුන් සමඟ එක්ව පාසැල් මට්ටමේ සැහැල්ලූ පන්දු ක්‍රිකට් කී්‍රඩාව ආරම්භ කරමින් ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණු කිරීමට අප කටයුතු කළා. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ දියුණු රමින් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කළේ ද ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹිමට රටට රූපවාහිනිය හඳුන්වා දෙමින් ජනතාවට අවස්ථාව සලසා දුන්නේ ද එක්සත් ජාතික පක්ෂයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙසේ ක්‍රිකට් තරඟ ජයග්‍රහණය කරන්නේ මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර පාකිස්ථානයට ක්‍රිකට් තරඟයක් පාවා දුන්නේ යැයි අභඣත චෝදනා එල්ල කරමින් ආණ්ඩුව අපේ කණ්ඩායමේ කකුලෙන් අදිද්දී ඊට එරෙහිව අප අපේ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂා කොට ඒ අයට අවශ්‍ය ධෛර්යය සහ ශක්තිය දුන් නිසයි. ආණ්ඩුව අපේ ක්‍රිකට් කණ්ඩායමට එල්ල කළ ඒ අභූත සහ අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන් තවමත් සමාව ගෙන නැහැ.

අපේ ක්‍රිකට් කණ්ඩායමට ආණ්ඩුව එල්ල කරන අභූත සහ අසත්‍ය චෝදනාවන්ට එරෙහිව ඒ අයට සහය දෙන්නැයි ප්‍රසිද්ධ රැස්වීමකදී ජනතාවගෙන් මම ඉල්ලා සිටියා යැයි කියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මට දෝෂාරෝපණය කළා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් ජය ගෙන ලෝක ක්‍රිකට් කුසලානය අපේ රටට ලබා ගැනීමට අපේ ක්‍රිකට් කණ්ඩායමට ධෛර්යය, ශක්තිය සහ වාසනාව උදා වේවා යැයි අපි සියල්ලන් එක සිතින් ප්‍රාර්ථනා කරමු.

අපේ ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් තරඟ මුදලට පාවා දෙන්නේ යැයි මම කිව්වා නම් ස්වාධීන රූපවාහිනියේ සහ ජාතික රූපවාහිනියේ මොහොතින් මොහොත ඒ බව විකාශනය කරමින් මට මඩ ගසනවා නියතයි. අපේ ක්‍රිකට් කණ්ඩායමට එල්ල කළ අභූත සහ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ඒ අයගෙන් සමාව ඉල්ලා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දිනවා දෙන්නැයි ඉල්ලා සිටීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යුතුකමක් තිබුණා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹිමට ඉන්දියාවේ මුම්බායි නුවරට යන්න අපට නොහැකි වුණත් එක්සත් ජාතික පක්ෂයට ස්තඣති වන්ත වන්නට ඒ තරගාවලිය රූපවාහිනිය ඔස්සේ සජීවීව නැරඹිමට අපේ ජනතාවට අවස්ථාව තිබෙනවා.

අපේ ක්‍රිකට් කණ්ඩායමෙන් අප ද පාඩමක් ඉගෙන ගෙන එක්සත් ජාතික පක්ෂය ලෙස අප ද කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ජයග්‍රහණය කරා යා යුතුයි. අප කණ්ඩායමක් ලෙස එකට එකතු වී වැඩ කටයුතු කළ යුතු අතර කිසිසේත් භේද බින්න වී වැඩ කටයුතු නොකළ යුතුයි. ඉහළ සිට පහළට ද බිම් මට්ටමේ සිට ඉහළට ද අප සියල්ලන් භේද බින්න නොවී එකට එකතු වී වැඩ කටයුතු කිරීමට අප තීරණය කර තිබෙනවා. ක්‍රිකට් කණ්ඩායම බෙදෙනවා නම් ඒ කණ්ඩායම ක්‍රිකට් තරඟාවලියෙන් පරාජය වනවා සේම දේශපාලන පක්ෂයක් ලෙස අප බෙදී වැඩ කටයුතු කළොත් අප ද දේශපාලන වශයෙන් පරාජයට පත් වනවා. එම නිසා අප සියල්ලන් සියලූ වැඩ කටයුතු එකට එකතු වී සමගි සම්පන්නව පොදු එකඟතාවයෙන් යුතුව කළ යුතු බව පැහැදිලිව කිව යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරුන් ලෙස කරූ ජයසූරිය මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාත් මා සමඟද අනිකුත් සියලූම පාර්ශ්වයන් සමඟ ද එකට එක්ව වැඩ කටයුතු කර ගෙන යන අතර ඒ අයට මම වගකීම් භාර දී තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ප්‍රධාන අනෙකුත් නිලධාරීන් ද සිටින අතර කිසිදු ප්‍රශ්නයකින් තොරව අප සියල්ලන් එකට එකතු වී අපේ පක්ෂය ගැන සිතා වැඩ කටයුතු කළ යුතුව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඒ ඒ තනතුරු සඳහා සුදුස්සන් තෝරා පත් කර ගැනීමට ඡන්ද පවත්වා පක්ෂයේ බෙදීම් ඇති නොකර සෑම අවස්ථාවකදීම පොදු එකඟතාවයකින් යුතුව වැඩ කළ යුතු බවට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස මම කිසිවෙකුට මේ පක්ෂය බෙදා විනාශ කිරීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. සියල්ල පොදු එකඟතාවයකින් විසදාගෙන ජයග්‍රහණය කළ හැකි වාතාවරණයක් ඇති කර මම ඔබලා සියල්ල ඒ ජයග්‍රාහී මාවතට යොමු කරවනවා. ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය ආදී මැතිවරණ ලබා ගෙන ඒ මැතිවරණ සියල්ල ජයග්‍රහණය කළ හැකි පරිදි රට පුරා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කිරීමට අප කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ අප අලූතින් ගොඩ නැගිය යුතුව තිබෙන මේ මොහොතේ අනවශ්‍ය කාරණා ගැන කතා කළොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වී අප අතර බෙදීම් ඇති විය හැකි බව කිව යුතුයි. එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරමින් අප සියල්ලන් බිම් මට්ටමට ගොස් බිම් මට්ටමේ සංවිධාන කටයුතු සිදු කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය අලූත් ක්‍රියා මාර්ග සහ උපාය මාර්ග ඔස්සේ ජනතාව අතර තව තවත් ජනපි්‍රය කරවන්නේ කෙසේද යන්න පිළිබඳව ද අප සොයා බැලිය යුතුයි. ඒ සඳහා අපේ දේශපාලන අධ්‍යාපන ක්‍රමය, ප්‍රචාරක වැඩපිළිවෙල සහ මාධ්‍යය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුයි.

ඊට පසුව ඒ ඒ මැතිවරණ ව්‍යාපාර අප මෙහෙය වන්නේ කෙසේද යන්න පිළිබඳව ද කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා.එසේ නම් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබේ අදහස් සහ යෝජනා අපේ්‍රල් මස 21 දාට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වෙත ලබා දෙන්නැයි සියලූම මහජන නියෝජිතයින්ගෙන් මම ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂ නව කෘත්‍යාධිකාරී මණ්ඩලය අප්‍රේල් මාසයේ අවසානයේදී වැඩ කටයුතු ආරම්භ කළාට පසුව ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා අප ඉලක්ක ගතව වැඩ කටයුතු කළ යුතුව තිබෙනවා.

Tell a Friend