දැරියට අතවර කළ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂකට පියාගෙන් පිහි පහරක්‌

අංජුල නිශාන්ත

පාසල් දැරියක්‌ අපයෝජනයට ලක්‌ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු අවිස්‌සාවේල්ල පොලිසිය විසින් උසාවියට රැගෙන යැමට සූදානම් වූ අවස්‌ථාවේ අපයෝජනයට ලක්‌ වූ දැරියගේ පියා විසින් සැකකරුට පිහියෙන් ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූවේ තල්දූව ප්‍රදේශයේ පදිංචි විවාහක ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකි. මොහු අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියක්‌ රවටා තම නිවසට රැගෙන ගොස්‌ අතවරයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස්‌ ජීප් රියට නංවන අවස්‌ථාවේ, එකවර ඉදිරියට පැමිණි සිසුවියගේ පියා පිහියෙන් ඇනීම සිදුකර ඇත.

මෙහිදී බරපතල තුවාල ලැබූ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයා අවිස්‌සාවේල්ල රෝහලට ඇතුල් කරන ලදුව තත්ත්වය බරපතල නිසා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ. ශිෂ්‍යාවගේ පියාද පොලිස්‌ රැකවරණය යටතේ අවිස්‌සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. වැඩිදුර පරීක්‌ෂණ අවිස්‌සාවේල්ල පොලිසියේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ.

Tell a Friend