සුබාෂ් හෝටලයේ සිට සුසාන බුමියට

සුබාෂ් හෝටලයෙන් හමුදාව සමු ගැනීම අප තුල ඉමහත් සතුටක් ඇති කිරීමට හේතු විය. එම සතුට අප ප්‍රසිද්ද කළෙමු. නමුත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? ඒ හමුදාවම දෙමල ජනයාගේ සොහොන් බිමකට රිංගා ගැනීමය. මේ පිලුකුල් සහගත ක්‍රියාව නැවත නැවතත් සිහිපත් කරන්නේ දුටු ගැමුණු රජ සිය ප්‍රතිවාදියා වූ සුළු ජාතික රජු එනම් එළාර මිය ගිය අවස්ථාවේ හැසුරුණු අන්දමයි. හෙතෙම රජෙක් වුවත් හොද මහත්මයෙකි.

ජනජීවිතයේ සෑම අන්ගයකටම හමුදාව රිංගා ගැනීම කිසිසේත්ම හොද නැත. මිට මාසයකට පමණ පෙර අපි සොල්දාදුවන් එළවලු විකුණනු දැක්කෙමු. වාසනාවකට එය නතර කෙරිණි. නමුත් දැන් සිදුව ඇත්තේ ඉතාම බයානක දෙයකි. ප්‍රබාකරන් කුඩා කල ජිවත් වූ නිවස බිමට සමතලා කර දැමිණි. ඔහුගේ මව ආදාහනය කල ස්ථානයට වෙඩි තබා මරා දැමු බල්ලන් තිදෙනුකුගේ මළකුණු ගෙනත් දමන ලදී. දිගින් දිගටම මියගිය එල්. ටි. ටි. ඉ සටන්කාමීන්ගේ සොහොන් කඩා දමන ලදී.

මේ අසික්කිත ක්‍රියා දැන් එහි උපරිමයටම ගොස් ඇත. හමුදාවේ සේනදිනායකයා පත්වන්නේ මෙරට මහජනතාවගේ ච්න්දයෙනි. ඔවුන් වහාම මේ ක්‍රියා වලට විරුද්ධ විය යුතුය. නැතිනම් මේවායේ ප්‍රතිවිපාක බියකරු විය හැක.

ඕනෑම රටක බහුතරයට වැඩි බලයක් ඇත. ඔවුන් කලයුත්තේ සුළුතරයට කෙනෙහිලිකම් කිරීම නොව ඔවුන් ගේ අයිතීන් රැකීමය. සුළුතරයට ගරු නොකරන බහුතරය පිලිබිබු කරන්නේ අශිස්ටත්වයයි. ඒවගේම බහුතර රටවැසියන් අවබෝද කරගත යුතු දෙයක් ඇත. ඒ තමන් හා සමාන අයිතීන් සුළුතරයට ඇති බවයි. දෙගොල්ලන්ම නිතිය ඉදිරියේ සමාන බවයි.

එබැවින් වහාම තම නායකයින් සුළුතරයට කරන කෙනෙහිලිකම් වලට බහුතර ජනයා විරුද්ද විය යුතුය.



හර්ෂි. සි. පෙරේරා

Tell a Friend