සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් හිංසාවට ලක්ව අතරමං වූ තවත් ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 38 දෙනකු ජෙඩා හි බලාත් නගරයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති ආරංචි මාර්ග පවසයි. යළි දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් මිලට ගැනීමට ඔවුන් ළඟ මුදල් නැති හෙයින් ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යලය ඔවුන් ලංකාවට එවීමට කටයුතු කරයි.
මෙම ශ්‍රමිකයින් අතරින් බහුතරය කාන්තා ගෘහසේවිකාවන් වුවාට සැක නැත. වීදේශයන්හි ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ ශ්‍රමිකයින් විශාල ගණනක් පිලිබදව අසන්නට හා දකින්නට ලැබිණි. ඒ අතර ඇන හා කටු ගැසූ අයද විය. මෙවැනි කෘර ක්‍රියා වහල්බාවය පැවැති සමාජ වල දක්නට ලැබුණු ප්‍රචණ්ඩත්වය සිහිපත් කරයි.
මේ අය මෙරටට විදේශ විනිමය ගෙනෙන ප්‍රදාන පුද්ගලයින් වේ. ඔවුන්ව ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය. අද අපේ රටේද ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ. මේ දිනයේදී අපේ දියණියන් පරදෙසයන්හි වහලුන් නොකිරීමට පියවර ගත යුතුය.
එසේ නැතුව පෝස්ටර් ගැසීමෙන් පමණක් මේ අයට ඉටුවන යුක්තියක් හෝ සදාරනත්වයක් නැත. යුක්තිය හා සදාරන්ත්වය අහිමිවීම තුල මෙලෙස හිංසනයට ගොදුරු වූ පිරිස් ඊළගට කුමන පියවරක් ගනීද? ඔවුන් ගන්නා පියවර කිසිවිටක නිතිය හා සාමය රැකිමෙහිලා යහපත් නොවනු ඇත.
හර්ෂි සි. පෙරේරා
Home Weeklya ඓශ්චර්යේ දියණියෝ වහලුන් නොකරමු.
ඓශ්චර්යේ දියණියෝ වහලුන් නොකරමු.
By Anonymous • March 08, 2011 • feature finance Harshi C. Perera Weeklya • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment