කැලණියේ ස්වයං පාලන ඒකකය


අමිල ගුණරත්න 


අපේ‍්‍රල් මාසය අවසන් වනවිට කැලණියේ වෙළෙඳ පොළට අමු මිරිස්, වම්බටු, තක්කාලි හා බණ්ඩක්කා ගෙන ඒමට ඉඩනොදෙන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා පවසයි. මීට පෙරද ඔහු කැලණියටඅරක්කු තහනමක් ගෙන ආවේය. එයින් ඔහුගේ ගෝල බාලයන්ට හොරෙන් ත්‍රීවීල් වල අරක්කු ඇද වැඩි ගානකට විකිණීමට ඉඩ ප්‍රස්ථාව ලැබුනේය. සමහරුන්ගේ කසිප්පු වෙලදාම ඉහල ගියේය. එහෙත් අමු මිරිස්, වම්බටු, තක්කාලි හා බණ්ඩක්කා ගෙන ඒමට ඉඩ නොදීමෙන් ගෝල බාලයන්ට කවර ආකාරයේ වාසියක් ලැබේද යන්න තවමත් සිතා ගැනීමට නොහැක.

මර්වින්ගේ ක්‍රියා කලාපයෙන් පෙනී යන්නේ ලංකාවට පාලකයන් එක අයෙකුට වැඩි ගනනක් ඉන්න බවය. මීට පෙර ප්‍රභාකරන් නැමැත්තෙක් උතුර දිහා සිටියේය. ඔහු නන්දිකඩාල් කලපුවේ දී කලුරිය කළේය. ඉන්පසු මුළු ලංකාවේම අසහාය පාලකයා රාජපක්ෂ බවමාධ්‍ය වලින් ප්‍රකාශ කරන ලදී. නමුත් මාධ්‍යට මොකක් දෝ වැරදීමක් සිදුවී ඇති බව පෙනේ. කැලණිය දිහා වෙනම ස්වයං පාලන කලාපයක් තිබේ. එය රාජපක්ෂගේ අණ ද කෙයාර් නොකරන පාලන ඒකකයකි.

ප්‍රභාකරන්ට , ෆොන්සේකාට වැඩ දුන් මහින්ද රාජපක්ෂ මර්වින් සිල්වා හමුවේ ක්‍රියා කරන්නේ වෙනම තාලයකටය. වරක් මර්වින් ඉන්දීය සම්භවයක් ඇති ජනතාවට වර්ගවාදී අපහාසයක් කළේය. ඉන්දීය සම්භවයක් ඇති ජනතාව එයට විරෝධය පා පෙළපාලියකින්එවකට අගමැති ලෙස කටයුතු කල මහින්ද රාජපක්ෂට පෙත්සමක් බාර දුන්හ. මර්වින්ට දොස් කියමින් එය බාරගත් ගරු අගමැතිතුමා මෙම ක්‍රියාවට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න බව කීවේය. නමුත් මර්වින්ට වූ දෙයක් නැත. ඊට පසු මර්වින් රූපාවාහිනියට පැන්නේය. රුපවාහිනියේ දී අම්බානක ගුටිකා කෑ පසු රූපාවාහිනියේ සේවකයන් තනි තනිව දැලි පිහි වලින් දඩයම් කිරීම කළේය. එයට විරුද්ධව රජ ගෙදරින් කිසිම එලදායී ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත. එයට පසු සමුර්ධි නිලදාරියෙක් ගස් බැන්දේය. නිලධාරියාද බය නිසා මෙය කලින් කතා කරගත් රගපෑමක් බව කීවේය. එයට විරුද්ධ ව ගත්තේ නාමික ක්‍රියා මාර්ගයක් පමණි.

මර්වින්ගේ මෙවැනි ක්‍රියා නිසා ජනතා අප්‍රසාදය දිනෙන් දින වැඩි වන බව ආණ්ඩුවට තේරෙන්නේ නැත. යලිත් ගස්බැදීම වැනි මෝඩ ජවනිකාවක් නිසා ටියුනීසියාවේ වගේ ජන කෝලහලයක් ඇතිවී බලය නමැති තාප්පය ඉරිතැලීමට පටන් ගත් විට පාලකයන්ගේ ඇස් ඇරෙනු නියතය. එහෙත් එවිට පරක්කු වැඩිය.

ලංකාව වැනි රටවල පාලකයන්ට විරුද්ධවාදීන්ට පහර දීමට මුර බල්ලෙක් අවශ්‍යය. ජේ ආර් තම කුණු වැඩ කර ගත්තේ සිරිල් මැතිව් , පොල්ගහවෙල සුනිල් රන්ජන් වැනි ගෝලයන් මගිනි. ප්‍රේමදාසගේ කොන්ත්රාත් කලේ සිරිසේන කුරේ ඇතුළු සොත්ති උපාලි ගැන්සිය විසිනි. චන්ද්‍රිකා එය පැවරුවේ එස් බී, නිහාල් කරුණාරත්න , බද්දෙගානේ සංජීව වැන්නවුන්ටය. නමුත් ඔවුන් මුර බල්ලන්ට අවශ්‍ය පරිදී නැටීමට ඉඩ නොදුන්හ. කරපටි ලනුව තබා ගත්තේ තම අතේය. නමුත් මර්වින් ගේ කන්ට්‍රෝල් නැති වැඩ වලින් කවදා හෝ ආණ්ඩුවේ ඉරිතැලීම ආරම්භ වන්නේ කැලණියෙනි.
Tell a Friend