රතු කුරුසය වසයි. සිංහල මහා විදුහල අරියි.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වවුනියා කාර්යාලය අද සිට වසා දැමෙයි. කොළඹ සිට සේවා සලසන්නැයි ලක් රජය කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බව එහි මාධ්‍ය ප‍්‍රකාශිකා සරසි විජේරත්න මහත්මිය කීවාය. ඉකුත් ජනවාරියේ යාපන කාර්යාලයය ද වසා දැමිණි.

යුද්දය අවසන් වුවද උතුරු නැගෙනහිරි ජනතාවගේ ගැටළු අඩුවී නැත. අතුරුදහන්වීම්, මරා දැමීම, දණ්ඩ මුක්තිය බරපතල නොවිසදුනු ප්‍රශ්න ලෙස පවතී.

කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාර නිසා වසා දැමූ මන්නාරම මඩුහන්දිය සිංහල මහ විදුහල වසර 26කට පසු නැවත විවෘත කළ බව යුද හමුදාව කියයි. 1986 ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් බිමට සමතලා වූ මේ විදුහලේ ගොඩනැගිල්ලක් ඉදිකළ බවත් මේ දිනවල ළමයින් ඇතුළු කරගන්නා බවත් හමුදාව පවසයි.

ඉහත පුවත සිහිපත් කරන්නේ සුබාෂ් හෝටලයට සමුදුන් හමුදාව ඉන්පසුව සොහොන් බිමක තම මුලස්ථානය පිහුටුවා ගැනීමයි. තවද මෙවැනි දේ මගින් තමන් පිළිබද ජාත්‍යන්තර ප්‍රතිරූපය හොද කර ගැනීමටද රජය උත්සාහ කරයි.

රතු කුරුසය වැනි ඉස්තාන වලට ජනතාව ගිහින් තමන්ගේ ප්‍රශ්න කියති. මේ තත්වය රජයට කරදරයකි. මක්නිසාද තෙවන පාර්ශවයක් සිදුවන මානව හිමිකම් උල්ලන්ගනයන් දැන ගැනීමයි. රතු කුරුසය වැනි සංවිදාන තිබීම නිසා අත්තොනමතික රාජ්‍ය ක්‍රියා යම්දුරකට පාලනය වීමක් සිදුවිය. නමුත් මේ ආයතන වසා දැමීම වල් බුරු නිදහසක් රජයට ලබාගැනීමක් හා සමාන වෙයි.


හර්ෂි සි. පෙරේරා