අපි සාමූහිකව කටයුතු කළහොත් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්‌විය හැකියි - අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති ලේෂා චන්ද්‍රසේන

එක්‌ එක්‌ ආයතන වශයෙන් කටයුතු නොකර සාමූහිකව ක්‍රියා කළහොත් මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒම වැළැක්‌විය හැකි යෑයි අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති ලේෂා චන්ද්‍රසේන මහත්මිය පැවසුවාය. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මෙන්ම ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ද මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්‌වීමට විශාල කාර්යභාරයක්‌ කරන බවද චන්ද්‍රසේන මහත්මිය කියා සිටියාය. ඒ මහත්මිය මේ බව පැවසුවේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව රේගු නිලධාරීන් දැනුවත් කිරීම සඳහා රාජගිරිය අන්තරයකාර ඖෂධ පාලක මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැති වැඩමුළුවේදීය. මෙම වැඩමුළුව ඊයේ සහ අද (28 වැනිදා) දක්‌වා පැවැත්වෙන අතර මෙහිදී මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන ආකාරය, ඒවා හඳුනා ගන්නා අයුරු හා නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව දේශන පැවැත්වේ.
(දිවයින පුවත්පත )

අපේ සටහන

අනේ නෝනා ඇයි බබෙක් වගේ කතා කරන්නේ , නෝනා හොඳටම දන්නවා ලංකාවට මත් ද්‍රව්‍ය ගෙන එන්නේ දේශපාලන අනුග්‍රහ තියන උදවිය කියලා. ඒ අය පාතාලය පොලිසියේ ලොකු උදවිය අල්ලගෙන තමයි මේ බිස්නස් එක කරන්නේ. දේශපාලකයන් මේ බිස්නස් වලට සහාය දෙනවා . ඒ අය ඉලෙක්ෂන් වලට වියදම් කරන්නේ කුඩු සල්ලි. නෝනලා ලැප්ටොප් ඇරගෙන වැඩමුළු තියලා ෂෝර්ට් ඊට්ස් කාල තේ බීලා සුරංගනා කතා කියලා යනවා. ඒත් මත්ද්‍රව්‍ය ලංකාවට ගලාගෙන එනවා. ලබන අවුරුද්දේ ඔය වැඩ සටහනට මර්වින්ගේ පුත් මාලක සිල්වා ,පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන අයටත් ආරාධනා කරන්න. බලමු එතකොටවත් වෙනසක් වෙයි ද කියලා.

අමිල ගුණරත්න

Tell a Friend