ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් අභාවප්‍රාප්ත වේ.

කිෂානි වැලිවිටිගොඩ

ලොව ප්‍රකට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මහතා කාලයක් තිස්සේ මුහුණ දුන් අගනියාශයේ පිළිකා රෝගී තත්වය හේතුවෙන් ඊයේ මිය ගිය බව වාර්තා වේ. 56 හැවිරිදි හෙතම පසුගිය අගෝස්තු 25 වැනිදා ඇපල් සමාගමේ ප්‍රධාන ධූරයෙන් ඉල්ලා අස් වූ අතර හෙතම උපදේශකයෙකු ලෙස කටයුතු කරන බව සඳහන් කළේය. ස්ටීව් ගේ අභාවය පිළිබඳව කෙටි ශෝක පණිවිඩයක් නිකුත් කොට ඇති ඇපල් සමාගම තමනට නිර්මාණාත්මක බුද්ධිමතෙකු අහිමි වූ බව සහ ලෝකයට පුදුමාකාර මනුෂයෙකු අහිමි වූ බව සඳහන් කොට තිබේ. ස්ටීව්ගේ අභාවය වර්තා වූයේ ඔහුගේ ධුරයට පත් වූ ටීම් කූක් යටතේ ඇපල් සමාගම එහි නවතම නිෂ්පාදනය වන iPhone 4S හඳුන්වා දීමෙන් දිනකට පසුය.

2004 වර්ෂයේ ඔහු පිළිකාවකින් පිඩා විඳින බව හෙළි කළ අතර 2009 වර්ෂයේදී ඔහුට අක්මාවක් බද්ධ කිරීමේ සැත්කමකට භාජනය වීමට සිදු විය.

ඇපල් තාක්ෂනය සොයා ගනු ලැබුවේ 1976 වර්ෂයේදී ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි සිලිකොන් වැලි ප්‍රදේශයේ පිහිටි ගරාජයක් තුල ස්ටීව් ජොබ්ස් සහ ඔහු අද්‍යාපනය ලැබූ උසස් පාසලේ මිතුරෙක් වන ස්ටීව් වොස්නිඈක් විසිනි. වසර කිහිපයකට පසුව මෙම ආයතනය බහු ජාතික සමාගම් අතර විද්‍යුත් උපාංග, පරිඝනක මෘදුකාංග සහ පරිඝනක නිෂ්පාදනය කරන සහ අළෙවි කරන ලොව විශාලතම ආයතනයක් බවට පත් විය. ඇපල් ආයතනය විසින් හඳුන්වා දුන් දෘඩාංග අතර අයි පොඩ්, අයි ෆෝන් සහ අයි පෑඩ් වඩාත් ප්‍රචලිත විය.

Tell a Friend