MADRAS CAFE




හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී. තමිල්නාඩුව දොරටු වසයි. ඒ MADRAS CAFE සිනමා සිත්තමටයි. සියල්ල සිදුවන්නේ සිහිනයකටය. ඒ බව සිංහල දෙමල හෝ මුස්ලිම් වේවා අන්තවාදීන් පිළිගන්නේ නැත. අවබෝද කර ගන්නේ නැත. මෙය අන්තවාදී කණ්ඩායම් සම්බන්දයෙන් මෙන්ම ආණ්ඩු සම්බන්දයෙන්ද පොදු වුවකි. මේ සිහිනයට පසුබිම් වන්නේ ශ්‍රී ලංකාවේ යුද්දයයි. ඉන්දීය හිටපු අගමැති රජිවූ ගාන්දි ගාතනයයි. එහි ශ්‍රී ලංකාවට හානි වන දේ නොමැත්තා සේය. නැතිනම් අපේ අන්තවාදින්ද පෙරටුගාමී වනු නොවුනුමානය. යම් රටක කලාකෘති තහනම ඒ රටේ පසුගාමීත්වය කියා පායි. අද MADRAS CAFE ට සිදුවූදේ මිට නොබෝකලකට පෙර විශ්වරුපම්ට සිදුවිය. ලංකාවේ ඉගිල්ලෙන මාළු කතා කලේද සිහින පෙන්නුවේද යුද්දය ගැනයි. එයට වුදේ අප කවුරුත් දනිමු. කෙසේනමුත් සිහිනයකට වැට කඩුලු බැදීම නොදියුණු ගෝත්‍රික සමාජයක ලක්ෂණයක් වේ.