සුරන්ජිත් පෙරේරා
ගල්කිස්ස මුහුදු වෙරළේ ව්‍යායාම කරමින් සිටි ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ නිතබ ස්පර්ශ කළා යැයි සැකකරන රත්මලාන ප්‍රදේශයේ අයකු ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පෙරේදා (28) සවස ගල්කිස්ස මුහුදු වෙරළට පැමිණි පැමිණිළිකාර ගුරුවරිය ව්‍යායාම කටයුතුවල යෙදී ඇත. අසල මුහුදේ ටීෂර්ට්වලින් සහ කලිසම්වලින් සැරසී සිටි තරුණයින් තිදෙනෙකු අතරින් මෙම සැකකරු විසින් නොයෙක් අසභ්‍ය වචන භාවිතා කරමින් උසුලු විසුලු කර ඇත.
එසේ නොකරන ලෙස සැකකරුට අවවාද කළත් එය නොතකා තමා පසුපසින් පැමිණ තම පසුපස පෙදෙස ස්පර්ශ කළ බවත් පසුව එම සිදුවීම පැමිණිලිකාරියගේ හිතවතෙකුට පවසා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම්දීම මත සැකකරු බීමතින් වෙරළේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඇතුළු තරුණයින් තිදෙනාම චීවරධාරින් බවත් සිවුරු ගලවා දමා මෙසේ විනෝදවීම සඳහා ගල්කිස්ස වෙරළට පැමිණ ඇති බවත් අනාවරණය වී ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ උපාධිය ලබා ගැනීම සඳහා ඉගෙනුම ලබන බවත් ගිහි නමෙන් උපාධිය ලබා ගැනීම සඳහා චීවරයෙන් ඉවත්ව සිටින බවත්ය. රත්මලානේ විහාරස්ථානයක නේවාසිකව සිටින බවට හඳුනාගෙන ඇති අතර සැකකරුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Post a Comment