SPECIAL: සුදු කොඩි නඩුවේ විනිසුරු මඬුල්ලේ සභාපතිගේ දුවගේ මඟුලට රාජපක්ෂගෙන් මුදල්

දැනට විභාග වෙමින් පවතින අතිශය අන්දොලනතමක නඩු තීන්දුවක් වන සුදු කොඩි නඩුව විභාග කිරීම සඳහා පත් කොට ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිත්වය දරන දීපාලි විජේසුන්දරගේ දෝණිය එළබෙන 07 වැනිදා විවාහ ගිවිස ගැනීමට නියමිත අතර ඒ සඳහා වන වියදම මහින්ද රාජපක්ෂ විසින් භාරගෙන ඇති බව අපි වගකීමෙන් යුතුව වාර්තා කරන්නෙමු.

අදාල මනමාල ජෝඩුව විවාහ ගිවිස ගැනීමේදී සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් පර්ෂි මහේන්ද්‍ර ( මහින්ද රාජපක්ෂ ) අත්සන් කරන අතර මනමාල මහත්තයාගේ පාර්ශවයෙන් මහින්ද රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වූද පාර්ලිමේන්තුවේ කතානායක ධුරන්දර චමල් රාජපක්ෂ අත්සන් කරනු ඇත.

අදාල මඟුල සඳහා අරලියගහ මන්දීරය වුවද පාවිච්චි කළ හැකි බව මහින්ද රාජපක්ෂ විසින් දීපාලි විජේසුන්දරට කියා ඇති අතර නමුත් එය පසුව වෙනස් කරමින් සියලු පාර්ශවයන්ගේ එකඟතාවය මත සිනමන් ග්රෑන්ඩ් හෝටලය තෝරා ගෙන ඇත.

අදාළ මඟුල සඳහා රාජපක්ෂ පවුලේ සියල්ලම සහභාගී වීමට නියමිත අතර ඊට අවශ්‍ය ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි. එසේම මෙහි ඇති ඛේදජනක තත්වය වන්නේ මඟුලේ සැරසිලි සඳහාද මෙරට ආරක්ෂක සෙබළුන් යොදා ගැනීමට කටයුතු යොදා තිබීමයි.

තමන්ගේ වුර්තිය ගරුත්වය කෙලසමින් ඉන් පුද්ගලික ඕනා එපාකම් සිදු කරගන්න මෙවන් රටක මෙවැනි කටයුතු පිළිකුල් සහගත වන්නා සේම සහ ගහන අපරාධ වේ. එසේම මෙවැනි ශාපකාරී අපරාධ වලින් නවමු ජීවිත බලාපොරොත්තු විය හැකිද?

Tell a Friend