අයිවරි කොස්ට්හි කාන්තාවන් පහක් වෙඩි තැබීමෙන් මරුට

අබිද්ජන්හි පෙළපාලි යමින් සිටි අලස්සනේ ඖත්තර ට පක්ෂ කාන්තාවන් පස්දෙනෙකු ආරක්ෂක හමුදාවන්හි වෙඩි තැබීම නිසා මරමුවට පත්විය.

ඖත්තර මහතා නොවෙම්බර් මාසයේ පැවති මැතිවරණයේදී ජයග්‍රහණය කල බව එක්සත් ජාතින් පවා පිළිගත්තද බලයේ සිටින ජනාදිපති ග්බග්බෝ එය ප්‍රතික්ෂේප කරයි.

මෙම වෙඩිතැබිම ඖත්තර ගේ බලකොටුවක් වූ අබෝබෝහි සිදු වූ අතර එහි දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සතියක කාලයක සිට සිදුවෙමින් පවති.

මේ තත්වය නිසා එක්සත් ජාතින් පැවසුවේ රට නැවත සිවිල් යුද්දයකට ගමන් කරන බවයි.

ගිය බදාදා බි.බි.සි. ගුවන්විදුලි සේවය කිසුදු දැනුම්දීමකින් තොරව අඩපන කෙරිණි. ඒ සමගම ග්බග්බ මහතාට පාරන්පරිකව විරුද්ද උතුරු අයිවරි කෝස්ට් වෙත විදුලිය සහ ජල සැපයුම විසංදී කෙරිණි.

ජනාදිපති ග්බග්බොට බලය අත්හැරීමට කෙරෙන ජාත්‍යන්තර සම්බාදක නිසා ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වී ඇත. මේ අතර ආයුද සන්නද්ද තරුණයින් ප්‍රදාන නගරවල මාර්ග බාදක යොදමින් සිටිති.

අයිවරි කෝස්ට් ලොව විශාලම කොකොවා නිෂ්පාදකයින් වේ. ජනාදිපතිවරණය නිසා 2002 දී සන්නද්ද කැරැල්ල හේතුවෙන් උතුර සහ දකුණ ලෙස දෙකඩ වූ රට නැවත එක්‌ කිරීමට හේතු විය.

බි.බි.සි. ඇසුරෙන්
හර්ෂි සි. පෙරේරා