දේශපාලන අනුග්‍රහ මත සංවර්ධන ලොතරැයියට ස්ත්‍රී දුෂකයෙක් රිංගලා


අමිල ගුණරත්න


මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ස්ත්‍රී දුෂණ චෝදනා සහ ළමා අපචාර චෝදනා ඇති නිලධාරියෙකුට දේශපාලන අනුග්‍රහ මත උසස් නිලයක් ලබා දීම ගැන එහි සේවකයෝ අප්‍රසාදය පල කරති. මුද්දරගම ජාවිගොඩ ගේ දොන් චාල්ස් ජයසිංහ හෙවත් JDC ජයසිංහ යන මෙම නිලධාරියා විසින් මිනුවන්ගොඩ ඕපාත පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණියට මිනුවන්ගොඩ රෝහලේ රැකියාවක් ලබා දීමට පොරොන්දුව ඇයට ලිංගික අතවරයක් කල බවට 1999 වසරේ දී මල්දෙනියගේ ප්‍රියදර්ශනී විසින් මුද්දරගම ග්‍රාම නිලධාරී SA ජයතිස්ස මහතාට පැමිණිලි කොට මීරිගම පොලිසියට දැනුම් දුන් අතර උක්ත ග්‍රාම නිලදාරියා සහ JDC ජයසිංහ විසින් පොලිසියට බලපෑම් කොට එම පැමිණිල්ල ඉවත් කරන ලදී. පැමිණිලි කිරීම හේතුවෙන් තරුණියට දිගින් දිගටම තර්ජනය කිරීම් සිදුවූ නිසා ඇය වස පානය කොට දිවි නසා ගත්තාය. මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණියගේ මරණයත් සමග මෙම සිද්දිය යට ගියේය. කාන්තා පරියේෂණ කෙන්ද්‍රයේ කමලිනි විජේතිලක සහ පී පතිරණගේ මහතා විසින් මෙම දුෂණ සිද්ධිය යලි පරීක්ෂණය සඳහා යොමු කිරීමට උත්සහ කලද JDC ජයසිංහ විසින් නොයෙකුත් බලපෑම් කොට පරීක්ෂණය යටපත් කළේය. තවද මෙම පුද්ගලයා විසින් ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සිසුවියක ගේ ශරීරය නොමනා ලෙස අත ගෑම නිසා ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ විදුහල්පතිනි A.H.A ජයවර්ධන මහත්මිය මුද්දරගම ජාවිගොඩ ගේ දොන් චාල්ස් ජයසිංහව පාසලට ගෙන්වා තරයේ අවවාද කල බව විදුහල්පතිනි A.H.A ජයවර්ධන මහත්මිය අපට ප්‍රකාශ කලාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් විසින් JDC ජයසිංහට ගම්පහ රත්නාවලී බාලිකා විදුහල තහනම් කලාපයක් කරන ලදී. රාවය පුවත්පතේ මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා විසින්ද මෙම සිද්ධිය අනාවරණය කරමින් ගම්පහ රත්නාවලී බාලිකා විදුහලට වනචරයෙකුගෙන් කරදරයි හෙඩිම මත පුවත පල කරන ලදී. ළමා අපචාර අනිවාර්යයෙන්ම පොලිසියට දැනුම් දීමට නියමිතව ඇතත් ගම්පහ ප්‍රදේශයේ පොදු පෙරමුණේ බලවතෙකුගේ මාර්ගයෙන් මෙම සිද්දිය යටපත් කිරීමට JDC ජයසිංහ සමත් විය. අපචාර චෝදනා ඇති නිලධාරියෙකු සංවර්දන ලොතරැයි මණ්ඩලයට පත් කිරීම සම්බන්දයෙන් විමසීමට මාධ්‍යවේදී සුරංග කස්තුරිරත්න මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාට කතාකලද ඒ සෑම අවස්ථාවකම සභාපතිවරයා විසින් දුරකථනය විසන්ධි කරන ලදී.

Tell a Friend