හිරගෙදර ජංගම දුරකථන ඇල්ලීම හරි ලොකු වැඩක් !

"වැලිකඩ කාන්තා සිරමැදිරි වලින් ජංගම දුරකථන 44 ක් අල්ලයි." අද ලංකාදීප මුල් පිටුවට හොද නිවුස් එකක්. ඇති වැඩේ මොකක්ද? කාටද යහපතක් වෙන්නේ? අර කියනවා වගේ පත්තර කාරයෝ ඔක්කොටම හපන්!

වැලිකඩ කාන්තා අංශයට සෙතක් කරන්න, කරන්න ඕන දේවල් ඕන තරම්. මේකේ කාන්තා සැකකාරියන් කොච්චර ඉන්නවද පොලිසිය චෝදනා ගොනු නොකර? රස පරීක්ෂක වාර්තා එවන්නේ නැතුව? නීතිපති අවුරුදු හය හත නීතිපති උපදෙස් දීම ප්‍රමාද කරමින්?

ඇයි ජංගම දුරකථන තියා ගන්න එක වරදක් වෙන්නේ? ඒ මනුස්සයින්ට තමන්ගේ නීතිඥවරයාට කතා කරන්න ඕන වෙනවා. ඒගොල්ලෝ ජංගම දුරකථන මගින් ඇතුලේ ඉදන් එළියේ අපරාද මෙහෙවනවනම් මොකද කරන්නේ ? එහෙමයි කියලා කාන්තා අංශයේ 50% කට වැඩිය ඉන්න සැකකාරියන්ට තමන්ගේ දන්නා උදවිය සමග කතා කල නොහැකිද?

ජංගම දුරකථන බාවිතා කරන්න දෙන්නේ නැත්නම් ඔවුන්ට තම ඥාති මිත්‍රාදීන් සමග කතා කිරීමේ පහසුකම් වැඩි කල යුතුයි. නිතින්ඥාවරයාට ඇති ප්‍රවේශයට බාදාවක් නොවිය යුතුයි. රස්තියාදු නොකළ යුතුයි.

සැකකාරියන්ට සිරකාරියන්ට වගේ නෙමෙයි ගොඩක් අයිතිවාසිකම් තියෙනවා. මතක තියා ගතයුතු වැදගත්ම දේ ඔවුන් හිරගෙදර ඉන්නේ දඩුවමකට නෙමෙයි. ඔවුන්ව රටේ පිළිගත් නිතිය සහ අදිකරණය මගින් තවමත් වැරදීකාරියන් කරලා නැහැ.

මේවගේ නිවුස් වලට ජනතාව නොරැවටෙන ඒවා ගැන ප්‍රශ්න කරන්න ගන්න කාලයක් උදාවේවි. මේ සටහන තැබීමේ අරමුණත් එයයි.


හර්ෂි සි. පෙරේරා