"ඇනිමල් රයිටිස් "ගැන කතා කරන අය කෝ !

අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර වදාකඩ වැව ඉස්මත්තේ සිටින මෙම ඇතා ඇවිද ගැනීමට නොහැකිව දින හතරක් තිස්සේ නිරාහාරව සිටින බව ප‍්‍රදේශවාසීහු පවසති. වෙඩි තැබීමකින් හෝ වෙන් අනතුරකින් ඇතාගේ ඉදිරිපාදය තුවාල වී දැඩි ලෙස ඉදීමී ඇති බව ද ඒ පිළිබඳව වනජීවි අංශය දැනුම්වත් කළ බව ද ප‍්‍රදේශවාසීහු කියති. මේ පිළිබඳව වයඹ කලාප බාර වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ අලියාට ප‍්‍රතිකාර කිරීමට කඩිනම් කරන බවයි.