නරුම ගුරුවරු නොහොත් නකුට නැති බල්ලන්

නකුට නැති බල්ලන් ගැන කිවේ බන්දුල ගුනවර්දන ඇමැතිවරයාය. එසේ කිවේ මෙරට ඇතැම් ගුරුවරුන්ටය. මේගැන ලංකා ගුරු සංගමයට කේන්ති ගොස් ඇත. නමුත් අපි ඒ ගැන පුදුම විය යුතු නැත. කෝප විය යුතුද නැත.

මක්නිසාද ළමුන්ට බත් කොළ කැවිම ඔවුන්ගේ සෙරෙප්පු පිච්චීම හැදින්වීම සදහා හොදම යෙදුම බලුකම මිස වෙන කුමක්ද? ඇතැම් ගුරුවරු තම උපන්දිනයට පන්තියේ සෑම ළමයෙකුටම සාරියක් ගෙන්න කියයි.

ඉහත සදහන් කලේ බලුකමය. එතකොට නරුම වැඩ මොනවාද? ඒ ළමුන්ට දරුණු වදහිංසා පැමිණවීම් වේ. ලංකාවේ නීතියට අනුව මොනම අවස්ථාවකදීවත් ළමුන්ට ශාරීරික දඩුවම් පැමිණවිය නොහැක. නමුත් අනාගත පරපුර නීති ගරුක පුරවැසියන් කිරීමට කටයුතු කරන ඇතැම් ගුරුවරුන්ගේ මෙම නීති විරෝදී ක්‍රියා නිසා ළමුන් මානසික රෝගීන් පමණක් නොව අපරදකරුවන් ද විය හැක.

මෙනිසා අද්යාපන ඇමතිවරයාගේ ප්‍රකාශය කාලයට සහ පවතින යථාර්තයට මනාව ගැලපේ. ඒවා ගැන කිපෙන්නේ එම ක්‍රියා අනුමතකරන නරුම මානසිකත්වයක් ඇති පිරිස්මය. නරුමයින් නොවේ නම් කලයුත්තේ තම වැරදි ගැන පශ්චත්තාප වී ඒවා නිවැරදි කර ගැනීමය. නරුම ගුරුවරුන් සදහා උදාහරණ ජනසංසදය වෙබ් අඩවියට සහ බ්ලොග් යු ටිඋබ් සදහා යොමිවිමෙන් සියසින් දැක බලා ගත හැක.

හර්ෂි සි. පෙරේරා