SPECIAL: දීපාලි විජේසුන්දරගේ දෝණියගේ මඟුල ජයටම - මාධ්‍යට තහනම්

හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව විභාගවෙන සුදු කොඩි නඩුව විභාග කිරීම සඳහා නම් කොට ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ ගරු සභාපතිනියගේ දෝනිගේ මංගල්ල්‍ය ඉතා ඉහළින් ඊයේ සින්නම්න් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති බව වාර්තා වේ. වාර්තා වන අන්දමට අදාළ මඟුල මාධයෙන් ආවරණය කිරීම වැලක්වීම සඳහා ආරක්ෂක විදි විධාන තර කර තිබුණි. මෙත්තසේන නමැති චායාරූප ශිල්පියෙකුට අදාල මඟුලේ සේයාරූ සහ වීඩියෝ ගත කිරීම පැවරී තිබු අතර ඊට සහභාගී වූ සහය සේවකයින්ටද අදාළ චයරුප හෝ වීඩියෝ පට කිසිවක් පිටට නොයවන ලෙස දැඩිව අවවාධ කොට තිබුණි. ඔවුන්ගේ සියලු තොරතුරු ආරක්ෂක අංශ විසින් රැස් කරනු ලැබුවේ මඟුලට දින කිහිපයකට පෙරය.

Tell a Friend