EXCLUSIVE: ජීවක එදිරිසිංහ පස් දෙනෙකු මරන්න සැලසුම් කරයි

ස්වර්ණවාහිනී ආයතනය විසින් කළ තවත් වංචාවක් වූ මෙගා ස්ටාර් වැඩසටහනේ අවසන් වටයේදී ඇති වූ කළහකාරී හැසිරීමෙන් සෝමා එදිරිසිංහ මහත්මිය ආරක්ෂා කිරීම සඳහා පැමිණි කර්නල් ගාමිණි නැමැත්තා
තම ආයතනය කඩා වැටීම සහ ජනතාව තැම්පත් කළ මුදල් හොරෙන් පිටරට බැංකු වල තැම්පත් කළ පසු සිදු වූ මුල්‍ය කඩාවැටීම මාධ්‍යට අනාවරණය වීම වැලැක්වීම සඳහා EAP ආයතනයේ ප්‍රධානියා වන ජීවක එදිරිසිංහ විසින් ඝාතන සැලසුමක් ක්‍රියාත්මක කොට ඇතැයි "ලංකා ගාර්ඩියන්" වග කීමෙන් යුතුව වාර්තා කරන්නෙමු.

අපගේ ආරංචි මාර්ග වලට අනුව ජීවක එදිරිසිංහ විසින් තම මුල්‍ය කඩා වැටීම පිළිබඳව මාධ්‍යට තොරතුරු දෙන පස් දෙනෙකු නම් කොට ඇති අතර, ඔවුන් පස් දෙනා පැහැර ගෙන ගොස් මරා දැමීම සඳහා කර්නල් ගාමිණි නමැත්තෙකුට නියෝග කොට ඇත. කර්නල් ගාමිණී යනු EAP පුද්ගලික ආරක්ෂක ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

Tell a Friend