ලංකා ආණ්ඩුව ගඩාෆිට තම ළෙන්ගතුකම දක්වන්නේම තමා වැනිම අනෙකෙකු බැවිනි. උතුරේදී දෙමළාට මහින්ද ආණ්ඩුව වෙඩිතබන්නේ රට බේරාගැනීම යන ඊනියා මතවාදය ඔස්සේය. ගඩාෆි එරටේ තමන්ට විරුද්ධ ජනයාට වෙඩි තබන්නේද එම ඊනියා මතයටම මුවා වෙමිනි.
ක්‍රිෂාන් රාජපක්ෂ
"ලිබියාවට එරෙහි ප්‍රහාර නවත්වනු" රාජපකෂ ආණ්ඩුවේ අලූත්ම සටන් පාඨයයි. කුමක් හෝ දෙයකින් තමන්ගේ හිස් දේශපාලනික අවකාශය පුරවන්නට බලාසිටින ලාංකීය දේශපාලකයන්ගේ නඩයේ අලූත්ම සටන් පාඨයයි. එහි පෙරමුණේ රාළ වී සිටින්නේ මාධය තුළ නිරන්තරයෙන් චරිතයක් වීමට උත්සාහයක නිරතවන විමල් වීරවංශ අමාත්‍යවරයාය. එහි සැඟවූ කාරණය නම් දේශපාලනික ලෙස සටන් පාඨ අහිමි සමයක ඔවුන්ට ලිබියන් අර්බුදයෙන් හෝ ගොඩ යෑමට දරණ අසරණ, ලැජ්ජාවක් රහිත උත්සාහයකි. වරක් ගරායක් නටමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා කර්යාලය අසල මාරාන්තික උපවාස ටෙළියක් කළ වීරවංශ, මෙවර ටයර් ගිනි තබමන් තමන්ගේ දේශපාලන බංකොලොත් භාවය ලෝකය ඉදිරියේම දිග හැර, තම නිරුවත කුමකින් හෝ වසාගැනීමේ නිර්ලැජ්ජිත උත්සාහය මෙවරත් රඟදැක්වූහ. සතිඅන්ත පුවත්පතක පළවූ ගාඩාෆිගේ පින්තූරයක් සිඹින විමල් දුටු විට ඈතිවූ අප්පිරියාව වචන වලට හරවා ගැනීමට මට නොහැකි විය. නමුත් විමල් මෙවැනි පුද්ගලයන් සිප වැළඳ ගැනීමේ පුරුද්ද පසුගිය කාලය පුරා දුටිමු.
ලිබියාවට එල්ලවන ගුවන් ප්‍රහාරයන් ගැන අපටද දැඩි විවේචනයක් ඇත. නමුත් ප්‍රශ්ණය මතුවන්නේ රාජපකෂ රෙජීමයට ලිබියාවට එල්ලවන ගුවන් ප්‍රහාරයන් ගැන කථාකිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතිද යන්න පිළිබඳයි. ඒ මේ භූමිය තුළදීම ජාත්‍යන්තර මානවවාදී නීති සියල්ලට පයින් ගසා උතුරට ගුවන් ප්‍රහාර එල්ල කළේ මේ දේශප්‍රේමීන් විසින් වීමයි. හාස්‍ය දැන් ලිබියාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන්නේද මේ දේශප්‍රේමී නඩයයි. ඔවුන්ට අනුව ලංකාවේ ගුවන් ප්‍රහාර එල්ල කලේ මානූෂීය ක්‍රමයටය. උතුරේදී ඒ ප්‍රහාරයන්ගෙන් මිය යන්නේ දේශද්‍රෝහීන්ය. ඒනිසා ඔවුන් මිය ගියාට කිසිඳු ප්‍රශ්ණයක් නොමැත. නමුත් ලිබියාවේ ගුවන් ප්‍රහාර ඔවුන්ට ප්‍රශ්ණයකි. මේ දෙබිඩ්ඩන්ගේ දේශපාලන න්‍යාය එයයි.
කෆීර් මිග් වලට පිරිත් නූල් බැඳ උතුරට බුරුතුපිටින් ප්‍රහාර එල්ලකරන්නට දෑත් ශක්තිමත් කළ දේශප්‍රේමීන්ට හිටි ගමන් මානව ප්‍රේමීන් බවට පත්ව ඇත.
එහෙම වන්නේ ඇයි?
ලිබියාවේ ගඩාෆිගෙන් අප්‍රිකාව පුරා සිටින මාෆියා කල්ලි යැපෙනවා සේම ලංකාවේ දැන් පවතින රෙජීමය වෙතද ඔවුන්ගෙන් විවිධ යැපීම් සිදුවිය. පසුගිය කාලයේදී තාරුණයට හෙටක් සදන්නට ගියේද ගඩාෆි මුණගැසෙන්නටය. ලිබියාවේ මෙන්ම ලංකාවේද පවතින්නේ පවුල්වාදයකි. මේ දේශප්‍රේමී කඳුළු ඒ වෙනුවෙනි.
අප එරෙහි විය යුත්තේ කාටද?
අප එරෙහි විය යුත්තේ කාටද කියා තීරණය කිරීමට 7.30 ස්වාධීන රූපවාහිනී පුවත් නරඹානම් නොහැකිය. මෙහිදී වඩාත් පුළුල් මනසකින් මේ අර්බුදය විග්‍රහ කරගැනීම අත්‍යවශය. දෙබිඩ්ඩන් සියල්ලන්ගේම මේ දෙබිඩි පිළිවත නිරුවත් කළ යුතුමය. නැතිනම් ඔවුන්ගේ දේශපාලනික රංගනය මේ මොහොතේ සියලූ අධමකම් සාධාරණීකරණය වන්නා සේ මෙයද සාධාරණීකරණය කරගනු ඇත. තමන්ගේ රටේ ජනතාවගේ ජනතාවක් සමූල ඝාතනය කළ මෙරට දේශප්‍රේමීන්ට මෙන්ම තමන්ගේ රටේ ජනතාව ඝාතනය කරන්නට අණ දුන් ගඩාෆිටද අප එරෙහි විය යුතුය. ඒ ලෙසෙම ලිබියානු අර්බුදයට බටහිර අත තබනා යටි අරමුණු වලටද අප එරෙහි විය යුතුය. ඔවුන්ද විවේචනය හසුකර ගත යුතුව ඇත. මන්ද ඔවුන්ද උතුරේ දමිළ ජනතාවට එක පිට එක ගුවන් බෝම්බ හෙලද්දී නිහඩව නිසලව බලා හුන් බැවිනි.
ලංකාවේ මෙන්ම ලිබියාවේ ද කි්‍රයාත්මක වන්නේ රාජ්‍ය ත්‍රස්ථවාදයකි. ලිබියාව තුළ ධන කුවේරයන් බවට පත්ව සිටියේ තම පවුලේ සාමාජිකයන් පමණි. පවුලේ සාමාජිකයින්ගේ සමහර උපන්දින උත්සවයකට පවා වියදම් වූ මුදල් ඩොලර් මිලියන ගණනකි. ලෝකය පිළිගත් මානව නීිතිවලට පිටුපා කි්‍රයාත්මක වූයේ තමන්ගේ වාසියට බලයට සාදාගත් ගල් යුගයේ නීතියකි. දැන් ශී්‍ර ලංකාවේ නීතියද ඊට දෙවැනි නැත. පොත්වල නීති ඇතත් කි්‍රයාත්මක වන්නේ කැලෑ පවුල් වාදී නීතියකි. ඊට අමතර ප්‍රදේශීය නීතිද දැන් කි්‍රයාත්මක වීමේ තත්ත්වයක් ඇත. උදාහරණ ලෙස අචාර්ය මර්වින් සිල්වාගේ කැළණි නීතිය එවැන්කි.
ලංකා ආණ්ඩුව ගඩාෆිට තම ළෙන්ගතුකම දක්වන්නේම තමා වැනිම අනෙකෙකු බැවිනි. උතුරේදී දෙමළාට මහින්ද ආණ්ඩුව වෙඩිතබන්නේ රට බේරාගැනීම යන ඊනියා මතවාදය ඔස්සේය. ගඩාෆි එරටේ තමන්ට විරුද්ධ ජනයාට වෙඩි තබන්නේද එම ඊනියා මතයටම මුවා වෙමිනි.
අප විසින් එරෙහි විය යුත්තේ මේ දෙබිඩ්ඩන්ටය. කන්න ඕනෙ වු විට කබරගොයිත් තලගොයි කරගන්න අමන පාලකයන්ටය. ගඩාෆි වැනි ඒකාධිපතියෙකුට එරෙහි වන්නට ලිබියානු ජනතාවට තිබූ ශක්තිය අනිවාර්යයෙන් ආචාර කළ යුතුය. ලංකාවේ පාලකයන් නටනා විගඩම් සියල්ල නිම නොවන්නේ පිට කොන්දක් නැති ජනතාවක් සිටින නිසාවෙනි. ලංකාවේදී විප්ලව යනු තවත් හොඳ සටන් පාඨයක් විනා එය සාමාජමය වෙනසක් වෙනුවෙන් මුලපුරා නොමැත.
ශ්‍රී ලංකාවේ සිටින දේශපාලනය කොසොල් රජු දුටු සිහින 12 හේ එක් සිහිනය සිටි දෙපැත්තෙන්ම කටවල් ඇති සතෙකු බවට පත්ව ඇත්තේම ජනතාවගේම දුර්වලකම සහ මමත්වය නිසාවෙනි. සිදුවන මානව විරෝධී කිසිවකට කටක් නොසෙල්වා බලාසිටන මිනිසුන් සිටින රටක පාලකයන් සිටින්නේ වල්වැදීය. අවදියෙන් තොර සමාජයකට කිස ිවිටෙක ඉදිරිගාමී විය නොහැකිය.
එහෙයින් අප එරෙහි විය යුත්තේ තම රටේම ජනතාවක් පීඩනය පත්කරනා ගඩාෆිටය. මහින්දලාය. අප එරෙහි විය යුත්තේ මොකකින් හෝ ගොඩ යන්නට බලාසිටින විමල් වැනි දෙබිඩ්ඩන්ටය. අප එරෙහි විය යුත්තේ තම යටි අරමුණ ජනතා ව්‍යාපාර මතින් ඉෂ්ටකරගන්න බලා සිටිනා ඊනියා ජාත්‍යන්තරවාදීන්යට. අප එරෙහි විය යුත්තේ අනෙකා පාගන අධිපතිවාදීන්ටය. (සිංහල බෞද්ධ) ඊටත් වඩා අපි එරෙහි විය යුත්තේ සියල්ල සිදුවෙමින් පැවතින විටෙක නොදුටු සේ අහක බලා සිටිනා, තමන්ගේ සැපත ගැන පමණක් සිටිනා කුටුම්බවාදී මහජනතාව යැයි කියනා පිරිස්වලටය.
මන්ද ජනතාවයැයි කියන පිරිස් තම කුටුම්භයෙන් එළියට පැමිණ සබුද්ධික වනතුරුම අනෙක් සියලූම පාලකයිට, දේශපාලකයන් අපේ වැනි රටවල් ඔවුන්ට පිනුම් ගැසීමට හොඳ සෙල්ලම් පිටි වන නිසාය.
Post a Comment