කවුද බූරුවා මහත්තයා? බන්දනාගාර නිලදාරියාද? ඇමැතිවරයාද?


බන්දනාගාර බලපත්‍ර මණ්ඩලය බලපත්‍ර පිට නිදහස් කිරීමට නියම කල සිරකරුවන් අතර ස්ත්‍රී දුෂකයින් සිටි නිසා එය ඇමතිවරයා විසින් අවලංගු කර ඇත. මේ සිද්දියට බොහෝ මුද්‍රිත මාද්ය වැඩි ප්‍රසිද්දියක් ලබා දී තිබිණි.

නමුත් මේ එකදු මාද්යකටවත් මේ රටේ ඇමතිවරු ස්ත්‍රී දුෂණයට මිනීමැරුමට එක්කෝ ජනාදිපති නැත්නම් නීතිපති සමාව දී නිදහස් කිරීම මතක් වුයේ නැත. මේ ඇමතිවරු අතර දුමින්ද සිල්වා සහ
චන්දන කත්‍රිආරච්චි විය. වැඩි කලක් නොගොස් මෙරට බරපතල චෝදනා ලැබූ සිරකරුවන් විශේෂයෙන්ම 88 89 බිශනයේදී මිනිමැරු අයද ආණ්ඩුවට සහය දක්කුවොත් ඔවුන්ද නිදහස් වීම අප පුදුමයට පත් නොකරනු ඇත.

බන්දනාගාර වල අකටයුතුකම් වලට එහි නිලදාරින්ට දෝෂාරෝපණය කරනු ද දක්නට ලැබේ. බන්දනාගාර නිලදාරියා කටයුතු කරන්නේ තමන්ට ඉහලින් සිටින කොමසාරිස්ට අමාත්‍යංශයට සහ ඇමතිවරයාට අනුවය. බන්දනාගාර වල මත්ද්‍රව්‍ය බාවිතය ගැන මහා හඩින් කෑකෝ ගසයි. ඇයි මේ මාද්ය කරුවන්ට මතක් නොවෙන්නේ මෙරටට කුඩු ගෙන එන්නේ කවුද කියා.?

බන්දනාගාර වල නිලදාරී හිගය, තදබදය, වැසිකිලි හිගවීම මේ වාට වගකිවයුත්තේ බන්දනාගාර පාරිපලනයට වග කිව යුතු එහි නිලදාරීන් බවද කියවේ. මේවා සියල්ල තීරණය කරනු ලබන්නේද මෑතකදී වැසිකිලි පහසුකම් නොමැති බන්දනාගාර කුස්සියට ටයිල් ඇල්ලිය යුතු බව කි ඇමතිවරයාමය.

එතකොට බන්දනාගාර තදබදය? බන්දනාගාරයේ 50% වැඩි පිරිසක් සැකකරුවන්ය. ඔවුන් බොහෝ දෙනෙක් සිරගෙදර සිටින්නේ නීතිපති නැතිනම් පොලිසිය එහෙමත් නැතිනම් රස පරීක්ෂකගේ නොසැලකිල්ල සහ අකටයුතුකම් නිසාය. මේ ආණ්ඩුවේ ආයතන පාලනය කරන්න බන්දනාගාර නිලදාරියට හැකිද?

බන්දනාගාර වල සිටින එල් ටි ටි ඉ සැකකරුවන් නැවත මෙරට ත්‍රස්ත ක්‍රියා කිරීමට කටයුතු කරන බව පැවසේ. මේවා කියන මාද්ය වේදීන්ට අමතක වූ දෙයක් ඇත. එනම් මිට දෙදිනකට පෙර අගමැතිවරයා ඉන්දියාවේ එල් ටි ටි ඉ පුහුණු කදවුරු තියෙන බව කියා ඇදගෙන නාගත් හැටිය.

ඉතින් මාද්ය ඔබම තීරණය කරන්න කවුද බූරුවා මහත්තයා කියා?


හර්ෂි සි. පෙරේරා