පුතාගේ පිහිපහරින් මව මරුට, පියාට බරපතලයි

 සමන් කාරියවසම් සහ වාද්දුව සිරිසෝම සුසෙව්හේවා

පුතා විසින් එල්ල කරන ලද පිහිපහරකින් මව මියගොස්‌ පියා බරපතල තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූ බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

ඊයේ (3 වැනිදා) උදෑසන සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ කුඩාගෝනදූව මොරොන්තුඩුව පදිංචි විශ්‍රාමික ගුරුවරියකවන කහවලගේ හේමලතා පෙරේරා (60) මහත්මිය වන අතර ඇගේ සැමියා වන සමරවීර ආරච්චිගේ තුංහදාසි රුද්‍රිගු (62) මහතා ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තත්ත්වය බරපතල බැවින් පානදුර රෝහලට ඇතුළත් කොට ඇත. සැකකාර පුත්‍රයා මවගේ පපුවටත් පියාගේ ඔළුවටත් පිහි පහරවල් එල්ලකොට ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති අතර මෙම ඝාතනයට හේතුව පෞද්ගලික ආරවුලක්‌ද නැතහොත් වෙනයම් හේතුවක්‌ දැයි සෙවීම සඳහා පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි. Tell a Friend