හිස්බුල්ලා සටන්කාමින් 1000 කට වඩා සිරියානු යුධ බිමේ

සිරියානු ලේබබන් දේශසීමාවේ හිස්බුල්ලා සටන්කාමින්  පාලක සිරියානු ආණ්ඩුවට සහය දක්වමින් තම මෙහෙයුම් කටයුතු කරන බව වාර්තා වේ. විදෙස් වාර්තා පේනවා දෙන පරිදි හිස්බුල්ලා සටන්කාමින් 1500 ක් පමණ  බසීර් ආණ්ඩුවට සහය දක්වමින් කටයුතු කරන බව වාර්තා වේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිටඑනම් එරට කැරලි ආරම්භ වූ අවධියේ පටන් හිස්බුල්ලා සංවිධානය තම සහය බසීරට දැක වුවද ඔවුහු එය තවමත් නිල වශයෙන් පිළිගන්නේ නැත.

කෙසේ වෙතත් පසුගිය සතියේ සිරියානු කැරලිකරුවන්ගේ ප්‍රහාර වලට ලක් වීමෙන් පසු හිස්බුල්ලා සංවිධානයේ ආනන්දෙන නිලධාරියෙකු මරුමුවට පත්  වූ බව ටයිම්ස් පුවත්පත පේනවා දෙන ලදී.

එසේම හිස්බුල්ලා සංවිධානයට සම්බන්ධ වෙබ අඩවියක් වන moqawama.org  අදාළ නිලධාරියාගේ මරණය ගැන ජිහාදී කටයුතු සිදුකරන අතර තුරදී මිය ගිය වාර්තා කර තිබුනද මරණය සඳහා හේතු වාර්තා නොකළේය.