ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මක භාවය ඉහල නැංවීම අත්‍යවශයි



අමිල ගුණරත්න 


පසුගිය දශක දෙක ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ගුණාත්මක භාවය සීග්‍රයෙන් පිරිහී ඇති බව ජේෂ්ඨ මහාචාර්යවරයෙක් ශ්‍රී ලංකා ගාඩියන් පුවත්පතට පැවසීය. මොරටුව විශ්ව විද්‍යාලය හැරුනුකොට අනෙකුත් සියලුම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මකභාවය අතින් ලෝකයේ බොහෝ විශ්ව විද්‍යාල වලට පසුපසින් සිටින බව එතුමා වැඩිදුරටත් පෙන්වා දෙයි. ගුණාත්මක භාවය අතින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 500 ස්ථානයට පත් වී ඇති බවත් කොළඹ විශ්ව විද්‍යාලය ආසියාවේ විශ්ව විද්‍යාල අතරින් අන්තිමයා බවත් හෙළිදරව් වේ. (මුලාශ්‍රය රාවය පුවත්පත) දැනට ලංකාවේ හොඳම වෛද්‍ය විදුහල ලෙස සැලකෙන්න කොළඹ වෛද්‍ය විද්‍යාලය පසුගිය කාලය පුරා ගුණාත්මක භාවයෙන් පිරිහී දැනට ලෝකයේ වෛද්‍ය විද්‍යාල අතරින් පසුපස ස්ථානයක ස්ථානයක සිටින අතර 1970 ට පසු ඇරඹි ඇතැම් අප්‍රිකානු හා ඉන්දියානු වෛද්‍ය විද්‍යාල කොළඹ වෛද්‍ය විද්‍යාලයට වඩා බොහෝ ඉදිරියෙන් සිටිති. මෙම පසුබෑම සඳහා එක් හේතුවක් ලෙස විශ්ව විද්‍යාල වලට කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේදී දක්ෂයන් කැප හැර ඥාති මිත්‍රාදීන් සහ එහෙයියන්ට තැන දීමේ පිළිවෙත දිගින් දිගටම අනුගමනය කිරීම බව නම හෙළි කිරීමට අකමැති කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් අප හා පැවසිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මක භාවය ඉහල නැග්වීම සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම අත්‍යවශ්‍ය බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා පෙන්වා දුන්නද ජවිපෙ වැනි දේශපාලන පක්ෂ එම අදහසට දිගින් දිගටම විරෝධය දක්වයි. නමුත් ජවිපෙ නායක සෝමවංස අමරසිංහගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පෞද්ගලික විශ්ව විද්යලකය. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකික සිසුන් දහස් ගණනක් විදේශ ගත වෙති. මේ නිසා විශාල වශයෙන් විදේශ විනිමය පිටරටට ඇදී යන බව මහ බැංකුව පෙන්වා දෙයි.



Tell a Friend