පහත උදාහරණය මෙරට මෑතකදී හතු පිපෙන්නාක් මෙන් මරා දමන බිලිදු දරුවන්ට එකතු වන තවත් කෙදවචාකයකි. මෙය සමාජ දේසපාලන ආර්ථික සහ සංස්කෘතිය පිළිබද ප්‍රශ්නයකි. ඒ විතරක් නොව සියල්ලන් කතාකරන සදාචාරාත්මක බව පිළිබද ප්‍රශ්නයකි.
දින දෙකක් වයසැති බිළිඳකුට වස මුසු මවු කිරි දීමට තැත් කළ බව කියන මවක් හා තවත් තරුණයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හලාව පොලිසිය කියයි. දරුවා මවු කිරිවලට හුරු කිරීම සඳහා මවගෙන් දොවාගත් කිරි භාජනයට වස මිශ‍්‍රකර එය පෙවීම සඳහා හෙදියකට දී ඇත. හෙදිය කිරි ස්වල්පයක් දරුවාට පොවා ඇති අතර කිරිවලින් දුඟදක් හැමීම නිසා ඒ ගැන පරීක්ෂා කිරීමේ දී මේ බව අනාවරණය වී තිබේ. එම කිරි පානය කළ දරුවා ප‍්‍රතිකාර සඳහා යොමු කළ බව රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.
ඇයි මෙසේ වෙන්නේ? කෝ අපි කතා කරන සුබ අනාගතය. අපි කාටවත් ජය ගත නොහැකියි කිවූ යුද්දය ජය ගෙන තිබේ. ගෙයින් එලියට බැස්ස විට යන්න පාරක් ඇත. ඒ පාරේ දැන් වලවල් නැත. හොදින් කොන්ක්‍රීට් කර ඇත. සිංගප්පුරුවට ගොස් පැමිණි අයට පුංචි සිංගප්පුරුවක් වන තම මවුබිම ගැන සුබ සිහිනයක් ඇති වේ.
නමුත් නොවිසදුන දේ බොහෝය. බිලිදුන් මරා දමන්නේ අම්මලාට කිරි එරෙන්න ප්‍රමාණවත් කෑම ළදරු කිරිපිටි අහස උසට නැග ඇති බැවිනි. අනෙක් අතට අවශ්‍ය සියලු නඩත්තු කිරීම් සදහා යන වියදම දරා ගත නොහැක. ඊළගට අපේ කම සහ අපි හැදුනු වැඩුණු අපි බෙරිහන් දෙන සදාචාරයයි. මේ වාට මොකද වෙලා තියෙන්නේ? දැන් ඇතැම් සිරගෙවල් වලත් පිරිත් කණ්ඩායම් බිහි වෙන බව අසන්නට ලැබේ. කුසට ආහාරයක් හිසට සෙවනක් ඇගට ඇදුමක් නැති අම්මලාට සංවර්දනය, අපේ කම සහ සදාචාරය අරුත් සුන් වචන පමණි.
හර්ෂි සි. පෙරේරා
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment