එක්කෝ වාසුගේ නොදැනුවත්කම නැතිනම් කුහකකම

එල් ටි ටි ඉ සැකකරුවන් විතරද චෝදනා ගොනු නොකර රජය විසින් බොහෝ කාලයක් තිස්සේ රදවාගෙන සිටින්නේ? අපි මෙසේ අසන්නේ වාසුදේව නානායක්කාර ඇමතිවරයගෙනි. මොකද ඔහුම මද්දයට ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහු, එල් ටි ටි ඉ සැකකරුවන් චෝදනා ගොනු නොකර බොහෝ කාලයක් රදවා ගෙන සිටිනු නොදන්නා නිසයි.

සෙසු සැකකරුවන් ගැන නම් මෙම ඇමතිවරයා මෙලොසසරක් දන්නේ නැති බව පෙනීයයි. මෙරට බන්දනාගාර වල 50% කට වඩා සිටින්නේ සැකකරුවන්ය. ඔවුන් බොහෝදෙනෙක් සිරගෙදර අපා දුක් විදින්නේ පොලිසිය, නීතිපති නැතිනම් රස පරීක්ෂකගේ නොසැලකිල්ල හෝ දුෂිත බව නිසයි.

උව අදිකාරිගේ සෝමාවතී වසර නමයක් සැකකාරියක ලෙස වැලිකඩ සිරගෙදර සිටියේ නීතිපති නිසයි. මෙවැනි බොහෝ උදාහරණ වැලිකඩ සිරගෙදර කාන්තා අංශයෙන් පමණක් ඕනෑවටත් වඩා සොයා ගත හැක.

චෝදනා ගොනු නොකර සැකකරුවන් ලෙස බොහෝ කාලයක් සිරගෙදර සිටින්නේ එල් ටි ටි ඉ අය පමණක් නෙමෙයි. රජයේ දෙපාර්තමේන්තු වල අසමජ්ජාති වැඩ වලට ජාති කුල ආගම බේද ඇතුළුව ගැහැණු පිරිමි බෙදයක්ද නැත. මේ රටේ සැලකිය යුතු පිරිසක් නිතිය ඉදිරියේ සමානයින් නොව අසමානයින්ය. නිතිය මදිපුංචිකම් කරන්නෙත් නැති බැරි සැකකරුවන්ටය.

වාසු නමැති ඇමති එක්කෝ මෙරට යුක්තිය පසිදලීම ගැන හරිහැටි නොදනියි. නැතිනම් කුහකකම නිසා මාද්දය ඉදිරියේ බබා වෙයි.


හර්ෂි සි. පෙරේරා