ලක්ෂ පනහක් කොල්ලකයි

කොල්ලකරුවන් සිව් දෙනකු පිළියන්දල කැස්බෑව සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිටදී දෙදෙනකුට වෙඩි තබා රුපියල් ලක්ෂ පනහක් අද සවස කොල්ලකා පලාගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි. වෙඩි ප‍්‍රහාරයට ලක්වූ මුදල් අයකැමි හා වෑන් රථයේ රියැදුරා බරපතළ තුවාල ලබා කොළඹ හා කළුබෝවිල රෝහල්වලට ඇතුළත් කර ඇත.

පෞද්ගලික ආරක්ෂක අංශයකට අයත් වෑන් රථයකින් කළුතර සිට සුපිරි වෙළෙඳසල් වල මුදල් එකතු කරමින් ආ මෙම පිරිස කැස්බෑවේ සුපිරි වෙළෙඳසලකින් මුදල් ගැනීමට වෑන් රථය නැවැත්වූ අවස්ථාවේ යතුරු පැදි දෙකකින් ආ කොල්ලකරුවන් හතර දෙනකු එම මුදල් පැහැරගෙන ගොස් තිබේ.