පුත්තලම සරණාගතයින් 9500 කට ඡන්දය අහිමිවිම නතර කරමු - කැෆේ

පුත්තලම සරණාගතයින් 9500 කට ඡන්දය අහිමිවිමක්, තෝරාගත් පිරිසකට ප‍්‍රවාහන පහසුකම් සැලසීමේ දේශපාලන පක්‍ෂ සැලසුමක්

පුත්තලම දිස්ත‍්‍රික්කයේ සරණාගතයින් ලෙස ජීවත්වන නවදහස් පන්සීයකට වැඩි ඡුන්දදායකයින් පිරිසකගේ විශාල කොටසකට මෙවර මැතිවරණයේ දී සිය ඡුන්ද අයිතිය අහිමි විය හැකි බව කැෆේ සංවිධානය පවසයි.

මැතිවරණයක දී සිය කැමැත්ත අනුව ඡුන්දය ප‍්‍රකාශ කොට දේශපාලන කි‍්‍රයාවලියේ හවුල්කරුවන් බවට පත්වීමට මේ ජනතාවට ඇති අයිතිය ආරක්‍ෂා කිරීම රජය සතු වගකීමකි. ඒ ස`දහා අවශ්‍ය පියවර ගැනීම මැතිවරණ දෙපාර්තමේන්තුවේ වගකීමකි. එසේ නොවන්නේ නම් දේශපාලන පක්‍ෂ විසින් තමන්නට සහාය පළ කරන තෝරාගත් පිරිසකට පමණක් නොමිලේ ප‍්‍රවාහන පහසුව සලසා කුට සහ වංචනික උපක‍්‍රම මගින් ඡුන්දදායකයින්ගේ කැමැත්ත දිනා ගැනීමට අවස්ථාව සැලසේ. සංවිධානාත්මක ලෙස ඡුන්දදායකයින් ප‍්‍රවාහනය කිරීමට ඇති ඉඩ වැලැක්විය හැක්කේ නොමිලේ ප‍්‍රවාහන පහසුව සැලසීමෙන් පමණක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

මන්නාරම දිස්ත‍්‍රික්කයේ මන්නාරම නගර සභාව, මන්නාරම, මුසලි සහ මාන්තෙයි ප‍්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනයන් හි පදිංචිව සිටි මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් පුත්තලම දිස්ත‍්‍රික්කයට පළවා හරිනු ලැබීය. මෙලෙස සරණාගතයින් බවට පත්වී සිටින පිරිසක් යුද්ධය අවසන්වීමෙන් පසුව ද නැවත මන්නාරම දිස්ත‍්‍රික්කයේ පදිංචියට ගොස් නැත. ඔවුන් ගේ ඡුන්ද ලියාපදිංචිය සිදු කොට ඇත්තේ ද ඉහත පළාත් පාලන ආයතනය ස`දහා ය.

පසුගිය පළාත් සභා, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙම වැසියන් ස`දහා පුත්තලම දිස්ත‍්‍රික්කයේ සිට ඡුන්දය ප‍්‍රකාශ කිරීම ස`දහා අවස්ථාව ලැබුණි. එසේ නමුත් පළාත් පාලන මැතිවරණ පනතේ විධිවිධාන අනුව අවතැන්වූවන් ස`දහා විකල්ප ඡුන්ද මධ්‍යස්ථාන පිහිටුවීම ස`දහා ප‍්‍රතිපාදන නොමැත. එබැවින් මෙම පිරිස් වෙත මන්නාරම දිස්ත‍්‍රික්කය වෙත පැමිණීම ස`දහා ප‍්‍රවාහන පහසුකම් සැලසීමේ වගකීමක් රජය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව සතුය.

පුත්තලමේ අනාථ වූ වැසියන් ගේ ඡුන්ද අයිතිය උපක‍්‍රමශීලි ලෙස දිනා ගැනීමට පසුගිය මැතිවරණ වලදී විවිධ කණ්ඩායම් උත්සාහ ගත්තේය. මන්නාරම සහ පුත්තලම යන ස්ථාන දෙකෙහිම ඡුන්දය ප‍්‍රකාශ කිරීමට දැරූ උත්සාහයන් 300 කට වැඩි ප‍්‍රමාණයක් පසුගිය ජනාධිපතිවරණයේ දී අනාවරණය විය. මෙම වංචනික කි‍්‍රයාව සංවිධානත්මක ලෙස සිදු විය. එම කණ්ඩායම් විසින්ම මුසලි ප‍්‍රාදේශීය සභාවේ ඡුන්ද හිමිකම සහිත තෝරාගත් පිරිසකට පමණක් ප‍්‍රවාහන පහසුව සැලසීමට මේ වන විට කටයුතු සුදානම් කරමින් සිටී. මැතිවරණ පනතේ විධිවිධාන උල්ලංඝනය වන පරිදි ඡුන්දදායකයින්ට ආහාර පාන සැපයීම, ප‍්‍රවාහන පහසුකම් සැලසීමට මේ පිරිස කටයුතු යොදා ඇත. මෙය මහා පරිමාණ මැතිවරණ අක‍්‍රමිකතාවකට මග පාදන තත්ත්වයකි.

මෙම තත්ත්වය වැලැක්විය හැක්කේ මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් පොදු ප‍්‍රවාහන සේවා සලසන්නේ නම් පමණී. එසේ නොවන්නේ නම් පුත්තලමේ සරණාගතයින් ලෙස ජීවත්වන විශාල පිරිසකට ඡුන්ද අයිතිය අහිමිවීම වැලැක්විය නොමැති වනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ඡුන්දය පුරවැසියන්ගේ පරම අයිතියක් වේ. එම අයිතිය රැකදීම ස`දහා පියවර ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක වගකීම වේ.


කීර්ති තෙන්නකොන්
විධායක අධ්‍යක්‍ෂ/කැෆේ