INSIDE POLITICS: රනිල් දෙහි කපයි - සජිත්ගේ සගයා මියයයි

බෝධි රණසිංහ මහතා මිය ගියේය. කාරණා කිහිපයක් නිසා අදාල හදිසි මිය යෑම සිදු වූ බව වාර්තා වේ. ඩර්ඩන්ස් රෝහලේදී සිදු වූ එම අවාසනාවන්ත සිදු වීමට පෙර ඔහු මහත් සිත් වේදන්වෙන් සිටි බව වාර්තා වේ. ඉන් එක හේතුවක් වූයේ නවසීලන්තයේ වෙසෙන හෙතමගේ පුත්‍රයා පසුගියදා සිදු වූ භූචලනයෙන් දිවි ගලවාගෙන ඇත්තේ අනු නවයෙනි. බොහෝ වෙලාවක් යනතෙක් ඔහුගෙන් තොරතුරක් වාර්තා නොවූ හෙයින් හෙතම මහත් සිත් තැවුලෙන් සිටි බව වාර්තා වේ.

අනෙක් කාරණය වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ කේන්ද්‍රයේ ඇති අශුභ ග්‍රහ පිහිටුමකි. ඔහුගේ ජෝතිෂ්‍ය වේදිනියක ප්‍රකාශ කළේ සජිත්ගේ කේන්ද්‍රයේ මේ දිනවල සිකුරු සහ බුද්ධ නීච වී ඇති බවයි. ඒ නිසා බැලුමක් මෙන් පිම්බෙන හෙතම කුමන අවස්ථාවේ පුපුරා යැයි දැයි කිව නොහැකිය. එනයින් බෝධි රණසිංහ හදවත් අමාරුවකින් හදිසියේ මිය යෑම වැඩියෙන්ම බලපෑ ඇත්තේ සජිත්ටය. බෝධි වූ කලි සජිත්ගේ දේශපාලන එන්ජිම බඳුය.

මේ අතර ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වෙන පරිදි, විජේවර්ධන පවුලට සම්බන්ධ පන්සලක් කොළොන්නාවේ සේදවත්තේ පිහිට ඇත. එහි නායක ස්වාමින් වහන්සේ හූනියම් ඇතුළු කොඩිවින වල යෙදෙන්නෙකි. විජේවර්ධන පවුලේ බොහොමයක් ජෝතිෂ්‍ය කටයුතු සිදු කරණු ලබන්නේ අදාළ බමුණු හාමුදුරුවන් විසින් බව සැල වේ. තමන්ගේ ජෝතිර්වේදීන් රටින් පිටවෙන්න යැයි බල කළ නමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කොට අදාළ හාමුදුරුවන් වෙත ගියේ තමන්ගේ අපල උපද්‍රව දුරු කර ගැනීම සඳහාය. ඉන්දියාවේ ඇතැම් පුජක පිරිසක්ද ඒ සඳහා සහභාගී වී ඇතියි වාර්තා වන අතර 21 වන දිනයටත් අද එය පවත්වා දෙහි කපනු ලැබීය. රනිල් ප්‍රතිපල ඉක්මනින් ඕනා යැයි ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත් එළඹෙන ඉරිදා එජාපයේ සියලුම නායකයින් එනම් රනිල්, සජිත් , මංගල ඇතුළු අනෙකුත් සියල්ලම මාතරදී හමු වීමට නියමිතව තිබුණි. නමුත් පෙළ ගැසෙමින් පවතින දේශපාලන ප්‍රවණතාවය හමුවේ ඒ සඳහා සජිත්ගේ පැමිණීම විස්වාශ කිරීමට නොහැකි මට්ටමක පවතී.


Tell a Friend