මෙවා කැත වැඩ

එල්ටීටීඊ හිටපු නායක ප‍්‍රභාකරන්ගේ මෑණියන් වන පාර්වතී අම්මාන් පිල්ලෙයි මහත්මියගේ සිරුර ආදාහනය කළ ස්ථානයේ තිබූ අළු මතට වෙඩි තබා මරා දමන ලද බල්ලන් තිදෙනකුගේ මළ කුණු දමා ගොස් තිබෙනු ඇයගේ ඥාතීන්ට දැකගන්නට ලැබී ඇත.

පාර්වතී මහත්මියගේ ආදහන කටයුතු වැල්වැටිතුරෙයි පොදු සුසානභූමියේදී ඊයේ (22*) සිදු කරන ලදී.

අද පෙරවරුවේ ආදාහනය කළ ස්ථානයට ඇගේ ඥාතීන් ගොස් තිබෙන්නේ හින්දු ආගමානුකූල චාරිත‍්‍ර ඉටුකිරීමටය. පාර්වතී මහත්මියගේ දැවුණු ශරීරයේ අළුමත මරා දැමූ බල්ලන් දමා ගොස් තිබෙනු දැක ඇත්තේ මේ අවස්ථාවේදීය.

පාර්වතී මහත්මියගේ බෑණා කෙනෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිවාජි ලිංගම් මහතාගෙන් මේ ගැන විමසූ විට මෙය මිලේච්ඡු කි‍්‍රයාවක් බව කීය.

අපි ගෙදරක බල්ලෙක් මැරුන වටත් මළකුන වලලා ඒ මත පැලයක් ඉන්දිම හෝ ඉටිපන්දමක් දැල්විම සිදු කරමු.

එහෙවු ජාතියකට අද සිදුව ඇත්තේ කුමක්ද?

හර්ෂි සි. පෙරේරා