EXCLUSIVE: ඊ නිවිස් වත්කම් හොයන්න යැයි විමල්ගෙන් මහින්දට නියෝගක්

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ගිනි බත් කිරීමෙන් පසු අදාළ ආයතනයට විශාල මුදලක් පාඩු වූ බව අදාල ආයතනය විසින්ම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇමති විමල් වීරවංශ විසින් එහි වත්කම් පිළිබඳව සොයා බලන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂට නියෝග නිකුත් කොට ඇතැයි, ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වේ. වෙබ් අඩවියක් පවත්වා ගෙන යාමට එතරම් මුදලක් අවශ්‍ය නොවන බවත් මෙහි හොර ගනුදෙනුවක් තිබෙන හෙයින් වහාම එය හෙළි කරීමෙන් ආණ්ඩුවට එල්ල වන චෝදනා වලින් නිදහස් විය හැකි බව යැයි අපුරු තර්කයක් වීරවංශ විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත.

ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරන අන්දමට අදාල කරණය යට ගැසීම සඳහා ඊ නිව්ස් ආයතනය මුදල් ලබා ලබා ගත් අකාරය ගැන විස්තර සහිතව වාර්තා කළ යුතු බවත් ඉන් පසු රජය සහ තමන්ට හිතවත් පුද්ගලික මාධ්‍ය උපයෝගී කරගෙන අදාල ආයතනයට එරෙහිව ප්‍රචාර නිකුත් කළ යුතු බවත් ඔහු විසින් පේනවා දී ඇත. අදාල යෝජනාව ගැන සොයා බැලීම සඳහා දැනටමත් තම හිතවාදීන් පිරිසක් නම් කොට ඇති ජනාධිපති වරයා ඒ සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙක්ද දැනුවත් කොට ඇත.

Tell a Friend