කත‍්‍රිතන්ත‍්‍රි හේවාගේ ශ‍්‍රියාලතා පීරිස් වයස අවු: 53 යි. විවාහක, දරුවන් 01 යි
ලිපිනය : 112/1, බණ්ඩාර වත්ත, ගඟබඩ පාර, ගල්තුඬේ, පානදුර. 2011. 02. 10 දින දීය.
2011. 02. 09 වන දින රාත‍්‍රී 9.45 ට පමණ හිරණ පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු අප නිවසට පැමිණ, මා හට ලොකු මහත්තයා හෙට උදේ 10.00 ට පොලිසියට එන ලෙසට කියා සිටි බව පවසා ගියා.
ඒ අනුව, 2011. 02. 10 වන දින මා, දුවත් බෑණාත් සමග හිරණ පොලිසියට ගියා. අප යන විට මාගේ සහෝදරිය වන එමලින් පීරිස්, ඇයගේ පුතා වන දමිත් හේමන්ත හා ඔහුගේ බිරිඳ පොලිසියේ සිටියා’ මාගේ සහෝදරියගේ පුතා මීට වසරක පමණ කාලයක සිට පෞද්ගලික හේතුවක් මත මා සමඟ අමනාපයෙන් පසුවේ.
අප ගිය ගමන්ම සහෝදරියත් ඇගේ පුතා වන දමිත් යන අයත් මට නොයෙක් අසභ්‍ය වචන කියමින් බැණවැදුණා. සිද්ධවූයේ කුමක්ද කියා මට සිතා ගැනීමට නොහැකි වුණා.
පසුව පොලිසියේ ලොකු මහත්තයා පැමිණ මට පුටුවකින් වාඩිවන ලෙස පවසා සිටියා. මා වාඩිවූ පසු ලොකු මහත්තයා, ර්‍දීපන් මේගොල්ලන්ගේ චේන් දෙක, උඹේ මූණෙන් පේනවා හොරෙක් බව, මේකිව කූඩුවට දාන්න” කියා අසල සිටි පොලිස් කාන්තාවකට කිව්වා. මම ඇහුවා ගත්තේ නැති දෙයක් දෙන්නේ කොහොමද කියා. පසුව පොලිස් කාන්තාවක් මාව කූඩුවට දැමුවා. නමුත් ලොකු මහත්තයා අනෙක් පාර්ශවයේ අයට කිසිවක් කීවේ නැත.
මා කූඩුවේ ඉන්න අතරදී, ලොකු මහත්තයා ර්‍උඹත් හොරෙක්, උඹේ මූණෙන් මට පේනවා” කියා මගේ බෑණාටත් බැණ වැදුණා. එවිට මගේ දුව කිව්වා අපි ජනාධිපතිවරයාට හරි පැමිණිලි කරනවා මේ අසාධාරණය ගැන කියා.
එවිට දමිත් කියා සිටියා, මේ අපේ රෝහිණි අඳුනන මහත්තයෙක්, සෙල්ලම් නටන්න බෑ කියා. පසුව මගේ සහෝදරියත් ඇගේ පුතාත් ඔහුගේ බිරිඳත් මට නොයෙක් දේ කියමින් බැණවැදුණා. ඒ අවස්ථාවේ ලොකු මහත්තයා හා අනෙක් නිලධාරින් ඔවුන්ට කිසිවක් කීවේ නැතිව බලා සිටියා.
මා කූඩුවේ සිටින අතරදී ලොකු මහත්තයා මගෙන් හැඳුනුම්පත ඉල්ලූවා. ඒ වෙලාවේ මා ළඟ එය නොතිබුණු අතර, බෑණා ගෙදර ගොස් එය ගෙනත් දුන්නා. ඉන්පසුව දමිත් හා ඔහුගේ බිරිඳ රත්තරන් බඩු උගස්කළ රිසිට් පරික්ෂා කිරීමට යන බව කියා පිටව ගියා. මා පැය 02 ක් පමණ කූඩුවේ සිටියා.
පසුව ලොකු මහත්තයා පැමිණ මාව කූඩුවෙන් එළියට ගෙන, පොලිසියේ තිබුණු බුදු පහණ පෙන්වා, ර්‍උඹ ගත්තේ නැත්තං බුදු පහණට අත තියලා දිවුරපන්” කිව්වා. මා කිසිවක් ගත්තේ නෑ කියා දිවුරුවා. මම කිව්වා මහත්තයෝ මම අසනීපෙන් ඉන්නේ, අංශභාගෙත් හැදිලා තියෙන්නේ, කියා අසනීප ගැන කිව්වා. එවිට ලොකු මහත්තයා, ර්‍උඹ මැරුණත් අපිට ප‍්‍රශ්නයක් නෑ, ගන්න හැටි අපි දන්නවා” කියා මට වාඩිවෙලා හිටපන් කිව්වා.
මාත් දුවත් බෑණාත් වාඩිවී සිටින විට දමිත් හේමන්ත හා ඔහුගේ බිරිඳ පැමිණියා. ඔවුන් ලොකු මහත්තයා හමුවී මොනවද කථා කළා. පසුව ඔවුන් පිටව ගියා. පැය භාගයක් පමණ සිටින විට, ලොකු මහත්තයා ඔහුගේ කාමරයට අපට කතා කර, මාගේ හැඳුනුම්පත දී, ර්‍දැන් හෙට අනිද්දාට උසාවියේ නඩුවක් එයි” කිව්වා. නමුත් මගෙන් කිසිදු ප‍්‍රකාශ ගැනීමක් හෝ අත්සන් ගැනීමක් කළේ නැත.
මීට වසරකට පමණ පෙර සිට මගේ සහෝදරියගේ පුතා වන දමිත් හේමන්ත යන අය මා සමග පෞද්ගලික ආරවුලක් මත අමනාපයෙන් පසුවන අතර, ආරවුල ඇතිවූ කාලයේ ද මා පොලිසියට ගෙන්වා පීඩාවට පත් කරනු ලැබුවා.
Home Janasansadaya හිරණ පොලිසියේ තවත් නීතිවිරෝධි ක‍්‍රියාවක්
හිරණ පොලිසියේ තවත් නීතිවිරෝධි ක‍්‍රියාවක්
By Anonymous • February 10, 2011 • columnists feature Janasansadaya • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment