ඇමති ඩග්ලස්ට ඇප ලබාදිමට ඉන්දිය පොලිසිය විරුද්ධ වෙයි.

ශ‍්‍රී ලංකා අමාත්‍යය ඩග්ලස් දේවානන්ද මහතාට අපේක්ෂිත ඇපයක් ලබාදිමට ඉන්දිය පොලිසිය විරුද්ධ වි ඇත. ඊට හේතුව ඔහු ප‍්‍රකාශයට පත්කල වරදකරුවකුවිම සහ ඔහුට විරුද්ධව ඇප දිය නොහැකි අත්අඩංගුවට ගැනිමෙි වරෙන්තුවක් ක‍්‍රියාත්මක වන බැවිනි.

මෙම නඩුව සදුදා මැඩිරාස් මහා අධිකරණයේ කේ. එන් බාෂා ඉදිරියේ ඇසිමට ගත් අවස්ථාවෙි ඔහු එයින් වැළකිමට සිදු කලේ වෙනත් විනිසුරුවරයකුට නඩුව ඇසිම මාරු කිරිම සදහා එය අගවිනිසුරුවරයාට ඉදිරිපත් කරන්නැයි රෙජිස්ට‍්‍රාර්වරයාට නියම කිරිමයි.

චුලායිමිඩු පොලිසිය මිනිමැරුමි නඩුවක චුදිතයින් ලෙස නමි කළ 10 දෙනා අතර කැබිනටි අමාත්‍යය ඩග්ලස් දේවානන්ද එක් අයෙකි.

ඇමතිවරයා පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ තමා අධිකරණයට ඉදිරිපත් නොවුනේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරිමෙන් පසුව ශ‍්‍රී ලංකාවෙි දෙමළ සටන්කාමින්ට එරෙහිව පැවති නඩු විභාග ඇසිම අවලංගු වුයේයැයි තමා සිතා සිටි බැවින් බවයිි.

නමුත් අපේක්ෂිත ඇප දිමට විරුද්ධවු නගරාන්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ 1994 සිට ඩග්ලස් සහ ඔහුගේ අපරාධ සහායකයින් අධිකරණයට නොපැමිණ කටිටි පනිමින් සිටින බවත් ඔහුට විරුද්ධ අත්අඩංගුවට ගැනිමෙි වරෙන්තුව තවමත් ක‍්‍රීයාත්මක වන බවයි. පොලිසියේ අවශ්‍යයතාවය එම අපේක්ෂිත ඇප ඉල්ලුමි පත මහාධිකරණය මගින් ඉවතදැමිමයි.


ද ටයිමිස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා