ගංවතුර ආධාර : ජාත්‍යයන්තර ප‍්‍රතිචාරය හොඳ නැත.

හර්ෂි සී. පෙරේරා 


එක්සත් ජාතින් ශ‍්‍රී ලංකාවට ගංවතුර ආධාරය ලෙස රුපියල් මිලියන 51ක් ලබා දෙන ලෙස ලෝකවාසි ජනතාවට හදිසි ආයාචනයක් කළේය. නමුත් ආධාර දෙන රටවලින් මෙයට හොද ප‍්‍රතිචාරයක් ලැබි නැත. ඉල්ලුමි කළ සමිපුර්ණ ආධාරයෙන් ශ‍්‍රී ලංකාවට ලැබි ඇත්තේ 27%ක් පමණි.

එක්සත් ජාතින්ගේ නේවාසික නියෝජිත අඩිනන් කාන් ගෙන් මෙම මන්දගාමි ප‍්‍රතිචාරයට දේශපාලන හෝ රාජ්‍යය තාන්ත‍්‍රික සබදතා බලපැවෙදැයි විමසුවිට ඔහු කිවෙි මානවදයාවාදිි කටයුතු සදහා ලබාදෙන ආධාර අවශ්‍යතාවය මත පමණක් රදා පවතින අතර ඊට වෙනයමි කරුණක් බලනොපාන බවයි.

අද ලංකාදීප ඊ පුවතේ මෙසේ සදහන් විය.

උතුරු නැගෙනහිර හා මධ්‍යම පළාත් හි ගංවතුරින් හා නායයෑමෙන් අවතැන් කඳවුරු 129ක 11,905ක් රැුඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ගංවතුරින් විනාශ වූ නිවාස සංඛ්‍යාව 25,000කට අධික වන අතර ඉන් නිවාස 4215ක් සම්පූර්ණයෙන් ද, තවත් නිවාස 21,974 අර්ධ වශයෙන් ද හානි වී ඇතැයි මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

පීඩාවට පත්වූ පවුල් 2,62,625කට අයත් 9,73,920ක් සඳහා අවශ්‍ය පිසූ ආහාර හා වියළි ආහාර සලාක ලබාදීමට රජය රුපියල් කෝටි පනහක් පමණ වැය කර ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.