SPECIAL: සර් මම වැඩේ කළා... දකින්න ඇති නේද? - ප්‍රධාන පුවත්පතක කතුවරයෙක් ජනාධිපතිට කියයි

පසු ගිය දින වලදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිකා රෝගයකින් පීඩා විඳින බවට පැතිරී ගිය ආරංචි අසත්‍ය බව ඔප්පු කිරීම සඳහා ජනාධිපතිවරයාට හිතවත් මාධ්‍යවේදී කතුවරයෙකු ලකුණු දමා ගැනීම සඳහා අපුරු උත්සාහයක යෙදුණේය. ඔහු ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා අමාරුවෙන් දිනයක් වෙන් කරගෙන ඔහු හමුවීමට ගොස් සංදේශ කාව්‍යක වර්ණනාවක යෙදෙන්නා සේ අපුරූ රචනාවක් ලිව්වේය. අදාල ලිපිය පල කිරීමට පෙර සහ පසු තමන්ගේ රචනාව ගැන ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් එය හොඳයි නේද කියා අසා ඇති බවත් වාර්තා වේ. අදාල පුවත් ආයතනයේ ලබා ගන්නා සහ ලැබෙන ඇමතුම් සියල්ලම කළමණාකාරිත්වය විසින් පටිගත කරන අතර ඒවාට පසුව ඇහුන්කන් දීමද එහි සේවය කරණ ඇතැමුන්ගේ පුරුද්දකි. ඔහු විසින් ලබා ගත්තේ යැයි අදාළ ලිපිය සමඟ පළ කොට තිබු පින්තූර මෙහි පල වේ. දෙතුන් වතාවක්ම අදාළ කතුවරයාගේ ලිපිය දෙස බැලු ජනාධිපති රාජපක්ෂගේ ප්‍රතිචාරය මෙහිදී සටහන් කිරීම කළ යුතු නමුත් සුදුසු නොවන හෙයින් වරණයට ලක් කිරීමට සිදු වේ.


Tell a Friend