පදික වෙළෙන්දෝ මහ පාරට

File Photo

හර්ෂි සී. පෙරේරා

බේරුවල හා මග්ගොන අතර අනවසර කඩ ඉවත් කිරීමෙන් උරණ වූ වෙළෙඳුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ දෙපැයක් තිස්සේ කොළඹ මාතර මාර්ගය අවහිර කරගෙන උද්ඝෝෂණයක් පවත්වති. පාර දෙපැත්තේම වාහන පෝලිම් ඉතා දික්වී ඇති අතර දැඩි උණුසුම් තත්ත්වයක් දක්නට ඇත. කැරලි මර්දන පොලිසිය කඳුලූ ගෑස් හා බැටන්ද රැගෙන එහි පැමිණ කළ අවසන් නිවේදනය පිළිගත් උද්ඝෝෂකයෝ පාරෙන් ඉවත්වූහ.

මිට මාස කිහිපයකට පෙර පානදුරේද අනවසර කඩ ඉවත් කරන ලදි. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? පෙරටත් වඩා හොදින් පදික වෙළදුන් කරත්තවල දමා ගෙන තම වෙළදාමෙි නිරත වෙති.

 මෙසේ වරින්වර පදික වෙළදුන්ව මහ පාරට ඇද දැමිමෙි අරමුණ කුමක් වුවත් එය දුප්පත් ජනතාවගේ බඩට ගැසිිමකි. අද වනවිට ජනතාව ඉතා අමාරුවෙන් එදා වෙිල සරිකර ගනිති. අමුමිරිිස් කිලෝව රුපියල් 1000ක් වන බව බලධාරින්ට අමතක විය නොහැක.

මෙි නිසා සුදුවන්නේ පදික වෙළදුන් සහ ඔවුන්ගේ දරු පවුල් පිඩාවට පත්විමය. පදික වෙළදාම හොදයයි අපි නොකියමු. නමුත් එයට විිසදුම ඒක එක වෙිලාවට ඔවුන්ව ඉවත් කිරිම නොවෙි. මෙයට දීර්ඝකාලින විසදුමක් අවශ්‍යයයි.