වැඩිදුර ප්‍රතිකාර සඳහා ජනාධිපතිතුමා ලබන මාසයේදී යළිත් ඇමෙරිකාවට

ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලබන මාසයේදීත් හුස්ටන් බල පිටත් වීමට නියමිතව ඇති දැනගන්නට ලැබේ. එයද සුපුරුදු පරිදි පුගලික සංචාරයක් ලෙස සිදු වීමට නියමිතය. කෙසේ වෙතත් ඇන්ඩර්සන් පිළිකා රෝහලෙන් අදාළ සංචාරය පිළිබඳව තොරතුරු විමසීමේදී එහි නිලධාරින් කියා සිටියේ අදාළ සංචාරය ගැන අදහස් පල කිරීමට නොහැකි බව බව මාධ්‍ය වාර්තා පළ විය. මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා වලට අනුව ජනාධිපති රාජපක්ෂට තම පවුලෙන් බලපෑම් එල්ල වී ඇත්තේ අගමැතිවරයා ලෙස තම පවුලේ සාමාජිකයෙක් පත් කරන ලෙසයි.

Tell a Friend