පියාගේ මිතුරුකමට ගෙදර ඇවිත් දස හැවිරිදි දැරියට අතවර කරලා

ස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

පියාගේ මිතුරුකමට පැමිණි පුද්ගලයකු නිවසේ තනිවම සිටි දස හැවිරිදි බාල වයස්‌කාර දැරියකට ලිංගික අපයෝජනයක්‌ සිදු කළේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට තිස්‌ දෙහැවිරිදි පුද්ගලයකු හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හබරාදුව පොලිස්‌ වසමේ පදිංචි මෙකී දස හැවිරිදි දැරිය තනිවම නිවසේ සිටියදී බිස්‌කට්‌ පැකට්‌ටුවක්‌ ද රැගෙන නිවසට පැමිණි දැරියගේ පියාගේ මිතුරකු විසින් මෙසේ බාල වයස්‌කාර දැරියට අතවර කර ඇතැයි දැරියගේ මව පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙකී සැකකරු තිස්‌ දෙහැවිරිදි විවාහකයකු වන අතර සැකකරු ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හබරාදුව පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. බී. වෙදගෙදර, නියෝජ්‍ය ස්‌ථානාධිපති එල්. ඩී. එන්. කරුණාරත්න, පො. ප. චමීර, උ. පො. ප. තිලකරත්න, ජනක සම්පත් ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Tell a Friend