ක්‍රිශාන් රාජපක්ෂ
හදිසියේ මතුව හා මුත්‍රා බරකින් නිදහස් වන්නට දුවන්නා ලෙස හිටි හැටියේ නිදා හුන්තැනින් නැගිට ජාතික කොඩියක් ඔසවා ජාතික රූපවාහිනිය ඉදිරියට වී බහුතරයක් තමන්ගේ 63 වැනි නිදහස සමරනවා දුටුවෙමි. බැද ඇති අත්පා සහිතව මුඛවාඩම් බැදි කිසිත් හැඟීමක් නොමැති මුහුණවල් නිදහසේ 63 වැනි සංවත්සරය දෙස මවාගත් උද්ධාමයකින් යුතුව බලාසිටිනු දුටුවෙමි.උදේ පාන්දර සිටම දුරකථනය වෙත "අභිමානවත් නිදහස් දිනක් වේවා" යනුවෙන් ලැබෙන පණිවුඩවලද අඩුවක් නොවීය. වෙනදාට කොළඹ ගිගුම්දෙන නිදහස මෙවර කතරගම බලා ගොස් තිබිණි. ලංකාවේ දී නිදහස යනු හමුදා උත්තමාචාර පෙළපාලියක් සහ නිදහස් ප්‍රදර්ශණයක්ය. එසේ නොමැතිව සමරන්න නිදහසක් තිබෙනවාද සහ එම නිදහස විඳගන්න ජනතාවක් සිටිවාද යන්න මේ නිශ්චිත මොහොතේදී අප මුහුණදෙන දැවැන්තම ගැටලුවයි.
ලංකාවේ සමාජය, දේශපාලන වේදිකාවේදී විග්‍රහවන පරිදි සත්‍ය ලෙසම නිදහස්ද? ලංකාවේ ආර්ථික නිදහස්ද? මිනිසුන් නිදහස්ද? සංස්කෘතිකව නිදහස්ද? සහ දේශපානිකව නිදහස්ද? සමාජයක් ලෙස මේ සියලු කාරණා තුළ දැඩිව තෙරපෙමින් සිටයදී මේ නිදහස් සැමරුම කෙතරම් ව්‍යාජයක්ද? එය තමන් විසින් තමන්වම තමන් විසින්ම සදාගත් මනෝරාජයක් තුළ තමන්ගේ ව්‍යාජය උත්කර්ෂයට පත්කර ගැනීමක් නොවන්නේද?
යම් ජාතියකට නිදහසක් ළඟාකර ගැනීමට නිදහස අදහසක් තිබිය යුතුය.එලෙස නිදහස ගැන අදහසක් නොමැතිව නිදහසක් ළඟාකර ගැනීම තියා නිදහසක් විඳගැනීමටවත් හුරුවක් නොලැබේ. සමාජීයව ආර්ථිකව සහ දේශපලනිකව යම නිදහසක් හෝ ගෙවුන කාලය පුරා අප විසින් අත්පත් කරගෙන තිබේද? නැත. ආර්ථිකමය නිදහස ඈත්තේ අපට පාලනය කළ හැකි තැනක නොවේ. හේතුව අප රටතුල ඈත්තේ නිෂ්පාදන සංස්කෘතියක් නොවන නිසාය. එම සංස්කෘතිය ආරම්භකිරීම පසෙක තබා ලංකවේ රජයන් කරන්නේ ක්ෂණික ප්‍රමෝදයන් ලැබෙන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමයි. "අපි වවමු රට නගමු" , "ගන්න අපේ දේ " වැනි ජනප්‍රිය ස්ලෝගන් වලින් පමණක් රටට අවශ්‍ය ආර්ථික නිදහස ළඟකරගැනීමට නොහැකිය. එය යම් කාල නිර්ණායන්ට අනුව සකස්වුනු නිශ්චිත කාලපරිච්චේදයන් තුළ අභියෝග ජයගත හැකි පැහැදිලි , යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එම ප්‍රතිපත්තිය යහමින් ක්‍රියාත්මක කිරීමට අවංක දක්ෂ නිලධාරීන් මෙන්ම පාලකයන්ද සිටිය යුතුය. අවංක කියා විශේෂයෙන් සඳහන් කරන්නේ පුර්වාදර්ශ සපයන නායකත්වයන් පැවතිව යුතුය. ලංකාවේ නොමැතිම එවැනි පුර්වාදර්ශී චරිතය. එසේ නොමැතිව ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතිනා රටවලට ආර්ථිකමය වශයෙන් ගොඩඒමක් නොමැත. ආර්ථිකයේ පුතිලාභ ටීවී දැන්වීම වල, කටවුට් වල නොව ජීවත්වන මිනිසුන්ට දැනෙන්න තිබිය යුතුය. තුන්වේල පිරිමසා ගැනීමට මාර යුද්ධයක් කිරීමට සිදුව ඈති රටක මැති ඈමතිවරුන්ට ප්‍රාඩෝ ලබාදීමෙන් මිනිසුන්ට ආර්ථික නිදහසක් අත්පත් කර දිය නොහැක. මහබැංකු වර්ථාවන්ට අනුව 2010 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.3 කින් වර්ධනය වී ඈති බව ප්‍රකාශකලත් Gsp+ සහනය අහිමිවීම හරහා රටට සිදුවූ ආර්ථික අලාබ දක්වා නැත. Gsp+ සහනය ශ්‍රී ලංකාවට අහිමි වන්නේම වෙනත් විදේශීය රටක හෝ වෙනත් කිසිදු බාහිර හේතුවක් මත නොව මහින්ද රාජපක්ෂ රජයේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාමය. රජයේ ඒ අහිතකර ක්‍රියාව නිසා දැනට ඈගලුම් කේෂත්‍රයේ රැකියා අහිමි වූ පිරිස 44.000කට ආසන්න වෙයි. එවිට අහිමි කර ඈති ඔවුන්ගේ ආර්ථික නිදහසට වගකියන්නේ කවුද? ඔවුන් කෙසේ නිදහස් දිනක් සමරන්නද? යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනා කිසිවක් මෙරට ස්වාධිපත්‍යයට හෝ මිනිසුන්ට හානියක් නොවන යෝජනාය. නිවැරදි ලෙසනම් එවැනි යෝජනා යුරෝපා සංගමයෙන් යෝජනා කළයුතු නැත. එය රාජයේ වගකීමකි. එලෙස ලංතාවේ ආර්ථික නිදහස තිබූ අඩියෙනුත් වල් වැදි ඈත.
ඒවාගේම මිනිසුන්ට දේශපාලනික නිදහසක් තිබිය යුතුය. ලංකාවේදී මේ නිමේෂය තුළ දේශපාලනික නිදහස නිර්වචන කළ හැක්කේ දේශපානකික නිදහස යනු මහින්ද චින්තනය පිළිපැදීම යන්නයි. මේ රජයයන්ද , ජනතාවන්ද පටලවාගෙන සිටින තැන මෙතැනය. "මහිනද චින්තනය" මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශය සහ රාජය ප්‍රතිපත්තිය දෙකක් නොව එකක් යන්නයි. මැතිවරණ ප්‍රකාශයක් කැමති කෙනෙකුට පිළිගත හැකි අතර අකමැති කෙනෙක් හට එය ප්‍රතික්ෂේප කළහැක. එය කිසි විටෙක නීතිය ඉදිරියේ වරදක් නොවන අතරම එය තමන්ගේ දේශපාලන නිදහසයි. එසේ නොමැතිව තමන් කැමති දේශපාලන මතවාදයක් දැරීම සහ රජයේ අනර්ථකාරී වැඩපිළිවෙලවල් විවේනය කිරීම පුද්ගලයකු අතුරුදහන් කිරීමට හෝ ඝාතනය කිරීමට හෝ වඳහිංසා පැමිණවීමට එය හේතුවක් නොවේ.නමුත් මහින්ද රාජපක්ෂ රජයේ විකල්පය තමන් විවේදනය කරන කණ්ඩයම් මර්ධනය කරනවා හැරෙන්නට තමන්ගේ වැරදි නිවැරදි කරගැනීම නොවේ. මහජාතිය විසින් එල්ල කළ පීඩනයට එරෙහිව සන්නද්ධ ව්‍යාපාරයක් වෙත යෙමුවන උතුරේ තරුණයා මර්ධනය කළ විලසම දකුණද මර්ධනය ආරම්බකර ඈත. දකුණ විසින් මෙතෙක් සහ බහුතරයක් තවමත් පටවලා ගෙන සිටින්නේ තමන්ගේ නිදහස ඈත්තේ උතුරේ කියාය. ඒනිසාම උතුර මල්ටිබරල් ආර්ටලරි ඔස්සේ ඒ තමිල් විමුක්ති අරගලය සුන්ද්ධූලි කරදමද්දි දකුණම අප්‍රමාණ වින්දනයන් ලැබූහ. නමුත් දැන් දකුණට හිමිවූ නිදහසක් තිබෙනවාද? නැත දමිළ සමාජය පෑගූ ලෙසම දකුණේ සමාජයද පාගගෙන සිටී. නමුත් උතුර පාගන විට තමන්ටද එම අනුවණ තීරණ බූමරංගයක් ලෙස කැරකී එනු ඈතැයි දකුණ සිතන්නට නැතිව ඈත. 63 වැනි නිදහස් සමරුම පැවත්වූවද අද අපට නිදහසේ හූවක් කීමටවත් මේ තුළ නිදහක් තිබේද??? අතුරුදහන් කිරීම, ඝාතන, පැහැර ගැනීම් වලින් දේශපාලනික අයිතිය අතුගා දමනවා විනා කුඩා හෝ නිදහස උදෙසා ඉදිරිගාමී වැඩපිළිවෙලක් අපි අභිමුව පෙනෙන්නට තිබේද ?? ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දෙස සමාජයම බලන්නේ කුකුසෙනි. දේශපාලකයන්ට යටවන තම ඡන්දයේ අයිතිය 63 වැනි නිදහස සැමරුවා කියා ලැබෙන්නේ නැත. තම අයිතිය වෙනුවෙන් පෙනීසිටිය යුතුය
ආදරය කිරීමටද මැතිවරණ ප්‍රකාශයකින් තීරණය කර ඈති රටක සංස්කෘතික නිදහස හීනයකි. වසර දෙදහස් ගණනක අජීවී සංස්කෘතියක ගුණගයනවාට වඩා අද දිනයේ අවශ්‍යතාවය ලිංගිකව, ශාරීරිකව පීඩිතව සිටින තවමත් ජීවීව පවතින් මිනිසුන් වෙත සංස්තෘතික නිදහස ලබාදීමයි. එසේ නොමැතිව ලංකාව තුළ සිදුවන ලිංගික අපයෝජන වළක්වාගත නොහැක. පසුගිය වර්ෂයේදි ලංකාව තුළ සිදුවූ ළමා අපයෝජන ප්‍රමාණය සංඛ්‍යාත්මකව 48,000 කි. මෙවා වළක්වගන්නට එම අභියෝගයන්ගෙන් නිදහස් වීමට තව දුරටත් ළිං මැඩයන් නිර්මාණය කිරීමෙන් පලක් නැත. වඩාත් විවෘත මනසක් සහිත සැබෑලෙසම නිදහස් නිවහල් චින්තනයෙන් හෙඹි මිනිසෙක් බිහිකළ යුතුය. පවුල් පසුබිමේ සිට රටේ පාලකයා දක්වා එම පුර්ෂයා බිහිකිරීමේ වගකීමෙන් පැනයා නොහැක. නමුත් අවාසනවාට සිදුවන්නේ පුද්ගල සංවර්ධනය පසෙක තබා තවදුරටත් පුද්ගල මොටකිරීම්ය.
සියල්ල සංෂීප්තව සිහි නුවණින් තෝරා බේරාගෙන බැලූ කළ අපට සමරන්නට නිදහසක් තිබෙවාද?? අපි නිදහස් ද?
Post a Comment