ගයමු ගීයක්............සරත්, ජෙරාඩි, ප‍්‍රගිත්, ලසන්ත, කඩුවෙල මල්ලිකා..........

සීතල පොලවම සිරියහනක් වේවා
ගෝනි පඩංගුව මෘදු පලසක් වේවා
ජේලර මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත් පත දිව බොජුනක් වේවා

ගයමු ගීයක්......... ඇය ගයන්නේ රජෙක් ගැන නොවෙ. එමෙන්ම අප අසන්නේද රජෙක් ගැන නොවෙ. අප රජුන්ට සමුදි බොහෝ කල්ය. අපි ජිවත් වන්නේ නීතියට අනුව නමි ජන රජයකය. නමුත් ධනය බලය සහ ඥාති සංග‍්‍රහය සියල්ල උඩු යටිකුරු කර ඇත. රටෙ නීතිපති බරපතල අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කරද්දි ඔහු...............සීතල පොලවකය. ගෝනි පඩංගුවකය.

මා මුර ගැවේ පිහිටක් අයදින්ටයි
ධන වැද්දෙකුගෙන් බඹසර රැක ගන්නයි
ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි
අවි එසවුයේ යුක්තිය විසඳන්ටයි

දිළිඳු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ

තුලාව ගෙන නෙත් යුග බැඳ රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජඹේයි අද නිදුකින්
ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇණ සැතකින්
මරාදමමි ඇය මරාදමමි සැනෙකින්

නීතියේ දෙවගන නමට පමණි. අයුක්තිය අද අපේ රජුන් වි ඇත. සරත් ඔබට පෙරත් පසුවත් දහස් ගණනින් බලය අහිමි අපේ අය මුරබල්ලන් අතින් වධහිංසාවට ලක්විය. අධිකරණ ක‍්‍රීයාදාමයෙන් බැහැරව ඝාතනය කෙරිණි. අතුරුදහන් කෙරිණි. බොරු නඩු දමා ශිතල පොළවෙි ගොනි පඩංගුවෙ ළැගිමට සැලැස්සුහ. මෙය අදත් මෙි මොහොතේදිත් සිදුවෙ.

සරත් ඔබ හමුදා පාලකයාව සිටියදි ජනාධිපති අපේක්ෂකයාව සිටියදි ඒ සියල්ලටම වඩා ඔබ නිදහස් මිනිසෙකුව සිටියදි සාමාන්‍යය ජනයා ලොක්කන් නොව අවනීතිය විසින් බිළි ගනිද්දි ඔබ සිතුවාද ඒ හැන්දෙන්ම ඔබටත් බෙදයි ....................සමහරවිට ඔබද මෙම හැන්දම බලයේ සිටින විට නිරායුධ මිිනිසුන්ට ගහන්නට බනින්ට මරාදමන්නට ශිතල පොළව ගොනි පඩංගුව උරුම කරදෙන්නට යොදා ගන්නට ඇත.

කේසේ නමුත් සියල්ල සිදුව ඇත. තම බලයට තර්ජනයක් වන සියලු දෙනාට ඔවුන් ඔබට බෙදු හැන්දෙන්ම බෙදනු ඇත. නමුත් කවදා හෝ යුක්තියේ දෙවගනව දහඩිය පුසුබ ඇති ලේ කදුලු වගුරමින් එදා වෙල සොයා ගැනිමට මහ පොළව සමග ගැටෙන සාමාන්‍යය ජනයා විසින් කෙලින් කරනු ඇත. එක් තරාදි තැටියක ඇති ධනය, බලය සහ ඥාති සංග‍්‍රහය ඔවුන් විසින් දවා අලු කරනු ඇත.


හර්ෂි සී. පෙරේරා