මානව හිමිකමි කොමිෂමට අපරාධකරුවන් සමග ගනුදෙනු කරන්නන් !

ශ‍්‍රී ලංකා මානව හිමිකමි කොමිෂමට පත්කර ඇති කොමසාරිස්වරු පහත පරිදිය. එනමි විනිසුරු ප‍්‍රයන්ත පෙරේරා, හිටපු පොලිස්පති ආනන්ද රාජා, ආචාර්ය බර්නාඩි සොයිසා, හිටප‍්‍ර ආණ්ඩුවෙ රස පරික්ෂක වෛද්‍යය ආනන්ද මෙන්ඩිස් සහ හිටපු විශ්ව විද්‍යාල උපකුලපතිනියක් වු ආචාර්ය ජෙසිමා ඉස්මයිල්ය.

වත්මන් ආණ්ඩුව 17 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව නොසලකාහැරිම මගින් මානව හිමිකමි කොමිෂම ඇතුලු සියලු ස්වාධින කොමිෂන් සභාවල දත් කඩා දැමුහ. 18 වන ව්‍යවස්ථා සංශෝධනය හදුන්වාදිම මගින් ඒවා මියදිමට කටයුතු කළහ.

රටෙ උත්තරිතර නීතිය විසින්ම මානව හිමිකමි කොමිෂමෙ ස්වාධිනතාව කප්පාදුවට ලක්ව ඇති තත්වයක් තුළ ඉහත කොමසාරිස්වරු ලෙස නමි කළ පුද්ගලයින් පත් කළහොත් ඒහි ඉතුරු ටිකද නැතිවනු ඇත.

හිටපු පොලිස්පති ආනන්ද රාජා යනු කවිද?

2002 සැප්තැමිබර් 08 සන්ඩෙ ලිඩර් පුවත් පතේ මෙසේ සදහන් විය. මෙරට මත්ද්‍රව්‍යය වෙළදාමෙ නිරත වන ධන කුවෙරකයකුගේ බිළිදු දියණියගේ උපන්දින උත්සවය කොළඔ තරුපහේ හෝටලයක පවත්වා ඇත. ඒ කාලේ මෙ ආනන්ද රාජා රටෙ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතවරයා ලෙස කටයුතු කළේය. ඔහුද මෙ උපන් දින සාදයට සහභාගි වි ඇත. ඒ සියල්ල රූපගත කරන ලද විඩියෝ පටය අත්අඩංගුවට ගැනිමට මත්ද්‍රව්‍යය නාශක අංශයේ නිළධාරින් සදුකළ වැටලිමකදි හැකිවිය. විඩියෝ පටය සොයා ගත් අවස්ථාවෙ ආනන්ද රාජා රටෙ පොලිස්පතිවරයා විය. මෙ සිද්ධියට ඒ දිනවල මාධ්‍යය මගින් විශාල ප‍්‍රසිද්ධියක් ලැබිණි.

වසර 09කට පසුව මෙ හිටපු පොලිස්පතිවරයාව මානව හිමිකමි කොමිෂන් සභාවට පත් කිරිම මගින් රට යන මග මනාව පැහැදිලි කරයි.



හර්ෂි සී. පෙරේරා