ඔප්රා වින්ෆි පාසලේ බිළිදු මළසරුරක්

ජොහැනස්බර්ග්හි ගැහැනු ළමුන්ට නායකත්වය දෙන ඔප්රා වින්ෆි පාසලේ තත්වය නැවත පිරික්සුමට ලක්වන තත්වයක් උද්ගතව ඇත. මිට හේතුව මෙම නේවාසික පාසලේ තරුණ ශිෂයාවකගේයයි කියනු ලබන බෑග් එකක අලුත උපන් බිළිදෙකුගේ මළසරුරක් තබි හමුවි ඇත.

මෙම 17 හැවිරිදි ශීෂ්‍යාව මෙම බිළිදාගේ මව බව සොයා ගෙන ඇත. ඇයව අධික රුධිර වහනය නිසා රෝහල් ගතකර ඇති අතර එහිදි රෝහල් බළධාරින්ට බිළිදු මළ සිරුර සහිත බැගය ඇය විසින් ලබාදෙන ලදි.

නිළධාරින් විශ්වාස කරන ආකාරයට ගැහැනු ළමයා දරුවා ප‍්‍රසුත කර ඇත්තේ පාසලේදිය.

පාසලේ ප‍්‍රකාශිකාව මෙ ගැන තොරතු පැවසිම ප‍්‍රත්ක්ෂේප කළේ සිද්ධියට හේතු වු දැරිය බාලවයස්කාරියක් බැවිනි.

දකූණු අප‍්‍රීකානු පොලිසිය සිද්ධිය ගැන පරික්ෂණ ආරමිභ කර ඇත. බිළිදාගේ මරණය පිළිබදව සැකයක් ඉස්මතු වි ඇති අතර නඩු පැවරිමෙ කටයුතු මරණ පරික්ෂණයෙන් පසුව සිදුවන බව වාර්තා වෙ.

මෙම පාසැල 2007 වර්ෂයේදි ආරමිභ කෙරිණි. මිට පෙරද ශිරිරික සහ ලිංගික අපචාරයන් පිළිබද දැඩි අපකීර්තියට මෙම පාසැල බදුන් විය. පාසැලේ පාලිකා වර්ජිනියා ටයිනි මැකෝපෝ සිසුන්ව අපහරණය කිරිමෙන් වසර 04කට පසුව වාර්තා වු දරුනුම අපචාරය මෙය වෙ.

2009 මාර්තු මාසයේ සිසුන් සිවිදෙනෙකු පාසලෙන් නෙරපන ලදි. තවත් තිදෙනෙකුට පන්ති තහනමි කරන ලදි. ඒ අස්වාභාවික සහ ලංගික විෂමාචාර වල නිරතවිම හේතුවෙනි.


ද ටයිමිස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්
හර්ෂි සි. පෙරේරා