ස්වාමියාගෙන් පහර කෑ ‘පබා’ ජ’පුර රෝහලේ


ජනපි‍්‍රය ටෙලි නිළි ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය‘පබා’ සිය ස්වාමි පුරුෂයාගේන් පහර කෑමට ලක්ව ඊයේ (පෙබ. 15) රාති‍්‍රයේදී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

මෙම පහරදීම හේතුවෙන් උපේක්‍ෂාගේ මුහුණට හා පපුව ප‍්‍රදේශයට තුවාල සිදුවී ඇතැයි ද පැවසේ.

ඇය ඊයේ රාති‍්‍රයේදී රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත්තේ ඇගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් බවද වාර්තා වේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයට තරගකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඇය, පසුව ජනාධිපති ධූරකාලය දීර්ඝ කිරීමේ යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදෙමින් ආණ්ඩු පක්‍ෂයට එක් විය.

මේ සම්බන්ධයෙන් ඇගේ ස්වාමියා කියා සිටින්නේ ඇය රෝහල් ගත කර නොමැති බවත් එවැනි සිද්ධියක් ඇති නොවූ ඇය මේ අවස්ථාවේ ටෙලි නාට්‍යක රංගන කටයුත්තක් සඳහා පිටව ගොස් ඇති බවයි.

කෙසේවුවද, උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්.ගමගේ මහතා පැවසීය.

- SRI LANKA MIRROR

Tell a Friend