ලෝව හොදම මානව හිමිකමි ක‍්‍රීයාධරයා

අපි අවට පරිසරයේ මයිනෝ ගිරවි සහ කපුටෝ ඉන්නවා. හැබැයි අපි එම සත්වයින්ව පොදුවෙ පක්ෂින් කියලා හදුන්වනවා. ඒ වගේ කොස් ගස් දෙල් ගස් සහ පොල් ගස් තියෙනවා. අපි ඒවාට පොදුවෙි ගස් කොලන් කියලා කියනවා. මුහුදේ විවිධ මාලු ඉන්නවා තොරු මොරු සහ තල්මසුන් වැන. අපි ඒ ජිවින්ව පොදුවෙි මත්සයින් කියලා හදුන්වනවා. මෙ වගේ පොදු නමි වලින් හදුන්වන විවිධ ජිවින් සිටිනවා.

ඒ වගේම අප අතර කලු සුදු තලෙලු පිරිමි සහ ගැහැනු උස මිටි මහත කෙටිටු පිරිමි සහ ගැහැනු ඉන්නවා. මුලු ලෝකයේම සිටින මෙි අය විවිධ සමාජ තරාතිරමි,ආගමි,කුල, ගොත‍්‍ර නියෝජනය කරනවා. අපි අපිද ඇතුලුව ඔවුන් සියලු දෙනාට පොදුවෙි මනුෂ්‍යයිින් කියලා කියනවා.

මෙි ඔනෑම විවිධත්වයක් දරන පිරිමියෙකුට සහ ගැහැනියකට තම වර්ගයා බෝකිරිමෙි හැකියාව තියෙනවා. නමුත් පක්ෂින් ගත්තොත් ගිරවෙකුට සහ මයිනෙකුට ප‍්‍රජනන කි‍්‍රයාවලියෙන් අලුත් පක්ෂියෙක් බිහිකළ හැකිද? නොහැක. මෙක මනුෂ්‍යයින් හැර ගස් කොලන්, සිවුපාවුන්, මත්ස්‍යයන් ඇතලු සෙසු සෑම ජිවි කොටිඨාශයකටම පොදු ධර්මතාවයක්.

මෙි නි්‍යය තුළ සියලු මිනිසුන් සමාන වෙනවා. මෙි මත පදනමිව මානව හිමිකමි සංකල්පය ගොඩ නැගි තියෙනවා. ඉහත කරුණු බුදුන්වහන්සේ දේශනා කළ වාසෙටිඨ සුත‍්‍රය මගින් මනාව පැහැදිලි කරලා තියෙනවා.

ශ‍්‍රී ලංකාවෙි 2006 වැනි බුද්ධ ජයන්තිය මෙි අවුරුද්දේ අග පැවැත්විමට නියමිතයි. එම අවස්ථාවෙි ජනතාවට දැක ගැනිමට ඉන්දියාවෙන් කපිලවස්තු ධාතු ගෙන ඒමටද දැන් සියල්ල සුදානමි.

මෙවැනි වැදගත් අවස්ථාවක අපේ ඇතැමි ස්වාමින් වහන්සේලා මානව හිමිකමි බටහිර සංකල්පයක් ලෙස හදුන්වා දෙමින් ජනතාව අතර ඒ පිළිබද විරෝධයක් ඇති කරිමට උත්සාහ කරනවා. නමුත් පන්සල් තුළ සිදුවන ධර්ම දේශනා වලිදි සහ වෙනත් ආගමික කටයුතු වලදි ඉහත වාසෙටිඨ සුතුය හෝ මිනිසා වසලයෙකු වන්නේ උපතින් නොව ක‍්‍රීයාවෙන් යන්න සදහන් වසල සුත‍්‍රය ගැන බොෟද්ධ ජනතාව දැනුවත් කිරිමක් මෙම භික්ෂුන් වහන්සේලා අතින් සිදුවනවාද?


හර්ෂි සී. පෙරේරා