ප්‍රචණ්ඩක්‍රියා, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 58 ක්. වෙඩි තැබීම් 3 ක්.

පළාත් පාලන මැතිවරණය ස`දහා තර`ග වදින අපේක‍ෂකයින් ස`දහා මනාප අංක නිකුත් කිරීමත් සම`ගම මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබ`ද සිදුවීම් ඉහළ ගොස් ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් ස`දහා වූ ජනතා ව්‍යපාරය හෙවත් කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.

බරපතල ආකාරයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබ`ද සිදුවීම් 14 ක්, තර්ජනය කිරීම් 4 ක්, රාජ්‍ය දේපල අයථා පරිහරණය පිළිබ`ද පැමිණිලි 4 ක් සහ නීති විරෝධී ප්‍රචාරණය පිළිබ`ද සිදුවීම් 36 ක් මෙම පැමිණිලි 58 ට ඇතුලත් වේ.

මැතිවරණයේ නාම යෝජනා බාර ගැනීම ඇරඹීමෙන් පසුව වෙඩි තැබීමේ සිදුවීම් තුනක් කහවත්ත, අක්කරේපත්තු, සහ ඛෙන්තොට පාලම අසලි න් වාර්තා වී ඇත. රත්නපුර, ක`ථතර, මහනුවර, ගාල්ල, අම්පාර, ගම්පහ සහ මාතර දිස්ත්‍රික්ක වලින් පහරදීම් පිළිබ`ද සිදුවීම් වාර්තා වී ඇත.

මනාප අංක නිකුත් කිරීමත් සම`ගම අපේක‍ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් කොට ඇත. නීති විරෝධී ප්‍රචාරක කටයුතු ඉහළයාම මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමට හේතු වී ඇත. මැතිවරණ නීති ආරක‍ෂා කිරීම ස`දහා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය වහා යොමු විය යුතු බව කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.

රජිත් කීර්ති තෙන්නකෝන්

Tell a Friend