2012 විදුලි එළියෙන් බත් ඇට ගණන් කිරිම

බඩු මිළ වැඩි කිරිමෙ කුමන්ත‍්‍රණයක් තියෙනවා. ඒසේ කියන්නේ රටෙ ජනාධිපතිවරයාය. රටෙ වෙළද පොළ මාෆියාවක් ක‍්‍රීයාත්මක වෙනවා යයි ප‍්‍රකාශ කරන්නේද රාජපක්ෂ ආණ්ඩුවමයි.

අමු මිරිස් කිලෝව රුපියල් 1000කි. සෙසු අත්‍යවශ්‍යය භාණ්ඩ වල මිළද එසේමය. කලක් රජය සුඛෝපභෝගි භාණ්ඩ වලට අධික බදු පනවන ලදි. දැන් ඒ තත්වය වෙනස්කර අත්‍යවශ්‍යය ද්‍රව්‍යය වලට පනවනු ලබන බදු ඉතා ඉහළ අගයක් දක්වා වැඩිකර ඇත.ආපදා තත්වය හමුවෙ මෙරට වි ගොවිතැනට ඉතා බරපතල හානි සිදුවිය.

ඉතා හොදින් පවත්වා ගෙන ආ දඔුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද ගැටුමි ඇතිි වි ඇත. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා පත්කළ කළමනාකරුවන් එහි පිහිටි ගොවි සංවිධානයේ කාර්යාල අත්පත් කර ගැනිමෙ නිරත විය. ගොවි සංවිධාන නායකයකු කියා සිටියේ ”මෙක ලංකාවෙි ගොවින්ට කළ විශාල අසාධාරණයක්. ආර්ථික මධ්‍යස්ථාන ආරමිභ කළේ මෙි ගොවින් ආරක්ෂා කරන්න. එහෙම නැතිව කඩා වැටිලා තියෙන සතොස වැනි ආයතනයක් පෝෂණය කරන්නවත් ඇමතිවරයාට මැතිවරණයේදි උදවිකළ ජනතාවට රැුකිියා දෙන්නවත් නොවෙයි.” වෙළද සංගමි සභාපතිවරයෙකු කිවෙි ”අද අපේ ආර්ථික මධ්‍යයස්ථානයට එන ගෝවින් මුත‍්‍ර කිිරිමට දෙන රුපියල් 10ත් යන්නේ සතොසේ පුද්ගලික සමාගමකට බවයි.”මෙම ගොඩනැගිලි අත්පත් කර ගැනිිමට එහි ව්‍යාපාරිකයෝ ගොවිහු සහ දඔුල්ලේ ප‍්‍රදේශවාසිහු දැඩි ලෙස විරෝධය පළකල අතර මෙම කලබලකාරි වාතාවරණයක් ඇති කිරිමටද හේතු විය. (ඉරිදා ලංකාදීප*)

පහතින් දක්වා ඇත්තේ අද ලංකාදිප ඊ පුවත් පතේ පළ වු පුවතකි.

2012 වන විට ලංකාවේ හැම ගෙදරකටම මධ්‍යම විදුලි බල පද්ධතියෙන් හෝ සූර්ය කෝෂ මගින් විදුලිය දෙන බව විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා දිගම්පතහදී පැවැසීය. දැනට ශ්‍රී ලංකාවේ විදුලිය සැපැයෙන්නේ ජනගහනයෙන් සියයට 50ත් 60ත් අතර ප‍්‍රමාණයකටය.

සාමන්‍යය ජනතාවගේ ආර්ථික ප‍්‍රශ්න නොවිසදා 2012දි සැමට විදුලිය සැපයිම බත් ඇට ගණන් කිරිමට හැර අන්කවරකටද?


හර්ෂි සී. පෙරේරා