EXCLUSIVE: හමුදාවේ අභ්‍යන්තර අර්බුධයක් : සොල්දාදුවන් එළවලු වෙළඳාමෙන් ඉවත් වෙයි

ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂ මහතාගේ පෙළඹවීම මත ශ්‍රී ලංකා යුධ හමුදාව ආරම්භ කළ එළවලු වෙළඳාමෙන් ඉවත් වීම සඳහා හේතු වී ඇත්තේ හමුදාවේ අති වූ උග්‍ර අභ්‍යන්තර අර්බුධයක් වලක්වා ලීමට බව ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වේ. අදාල අර්බුධය හට ගැනීම සඳහා හේතු වී ඇත්තේ වර්තමාන හමුදාපති වරයා දේශපාලන අවශ්‍යතාවයන් සඳහා යුධ හමුදාවේ ප්‍රතිරූපය ඉතා පහත් ලෙස කෙලසමින් සිටින හෙයින් ඔහුට පසුගිය දින කිහිපය පුරා නිර්නාමික දුරකථන ඇමතුම් රැසක් ලැබී අති බවත් එහිදී ඔහුට කුණුහරපෙන් බැණ වැදුණු බවත් වාර්තා වේ. එසේම එහිදී හමුදාවේ උග්‍ර අභ්‍යන්තර අර්බුධයක් හමුදාව තුළ නිර්මාණය වෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා විය.

කෙසේ වෙතත් හමුදාවේ ඉතිහාසය තුළ මේ ආකාරයෙන් හමුදාවේ ප්‍රතිරූපය දේශපාලකයින්ගේ අවශ්‍යතාවය සඳහා මේ තරම් කෙලසූ ප්‍රථම අවස්ථාව මෙය බව, නම පල කිරීමට අකමැත්ත පල කළ උසස් හමුදා නිලධාරියෙකු අප වෙත කොළඹ සිට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළේය.

Tell a Friend