ඒ මහතා මේ බව පැවසූයේ කොළඹ 07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක මාධ්‍ය ඒකකයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද පැවසීය.
පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී එහි සියළු දෙනා එකඟ වුනා එළඹෙන පළාත් පාලන මැතිවරණය නිමවන තෙක් නව තනතුරු පිළිබඳව හෝ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව කතා නොකරන්න. ඒ පිළිබඳව යෝජනාව ගෙනාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතායි. ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියළු දෙනා ඒකමතිකව සම්මත කළා. මේ අවස්ථාවේ දී සිදු කළයුතුව ඇත්තේ පක්‍ෂයේ ප්‍රතිසංවිධානය සහ තනතුරු බෙදා ගැනීම ගැන කතා කිරීම නොව සියළු දෙනා එක්ව ඉදිරි මැතිවරණයේ දී පක්‍ෂයේ ජයග්‍රහණය සඳහා වෙහෙසවීම බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Post a Comment